කොළඹ පිටකොටුව හෙට්ටිවීදියේ රන්භාණ්ඩ සාප්පුවක හිමිකරුවෙකු පෙරේදා (15) පෙරවරුවේ මන්නා පිහියක් රැගෙන විත් යාබද රන්බඩු හළකට කඩා වැදී එහි හිමිකරුට පහර දී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් වාර්තා විය.ප්‍රහාරය එල්ල කරන්නේ කිසිදු චකිතයකින් තොරව විශාල පිරිසක් ගැවසෙන අවස්ථාවකදීය.
පහරකෑ ව්‍යාපාරිකයාගේ අතකට, හිසට බරපතල තුවාල සිදුව තිබු බව පොලිසිය කියයි.
බරපතල කැපුම් තුවාල ලැබු ව්‍යාපාරිකයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. සැකකාර ව්‍යාපාරිකයා මන්නා පිහිය ද සමග පොලිසිය වෙත ගොස් බාරවී ඇත.
ව්‍යාපාරිකයන් දෙන්නා කලෙක දැඩි මිතුරන්ව සිටි බව වාර්තාවන අතර මෑතක ඇතිවූ විරසකයකින් පසුව මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
සැකකාර ව්‍යාපාරිකයා කොටහේන ප්‍රදේශයේ පදිංචි (43) හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval