ඉන්දියාව ලබන වසරේ සිට එරට හඳුනාගත් නගර 13කදී නවතම 5G සන්නිවේදන සේවාවන් අත්හදා බැලීම සඳහා සූදානමින් සිටින බව පවසයි. ඒ අනුව ගුරුගාමි, බංගලාරු, කල්කටා, මුම්බායි, චන්ඩිගාර්, දිල්ලි, ජර්මන්ගර්, අහ්මදාබාද්, චෙන්නායි, හයිදෙරාබාද්. ලක්නව්. පූනේ සහ ගාන්ධි නගර් එම නගරවන බව ඉන්දීය රජය සදහන් කරයි.මෙහිදී භාරතී එයාටෙල්, රිලයන්ස් පියෝ සහ වෝඩාෆෝන් අයිඩියා
යන දුරකථන සන්නිවේදන සමාගම් මෙම 5G තාක්ෂණය අත්හදා බැලීමට සූදානමින් සිටියි. එම සමාගම් සඳහන් කරන ආකාරයට 700MHz, 3.5 GHz සහ 26GHz යන සංඛ්‍යාත ඔස්සේ මෙම අත්හදාබැලීම සිදුවෙයි. මූලිකවම අධ්‍යාපනික, ව්‍යාපාරික, ප්‍රවාහන සහ ආරක්ෂක ඇතුළු සංවිධාන රැසක් වෙත මෙම 5G පහසුකම් ලබාදීම සැලසුම වී ඇත. කෙසේ වෙතත් මෙම 5G තාක්ෂණික පහසුකම් සැපයීම සම්බන්ධව පවතින සංඛ්‍යාතවල මිල ගණන් ඇතුළුව ඒවා මිලදී ගැනීම පිළිබද කාරණා කිහිපයක් තවමත් එරට තුළ පවතින බව සදහන් ක්වෙයි. ඉන්දියාවේ සන්නිවේදන අමාත්‍ය අති වයිස්තුවිද පසුගිය මාසයේදී
අදහස් දැක්වීමක් සිදු කරමින් ලබන වසරේ අප්‍රේල් මැයි මාසවලදී ඉන්දියාව තුළ 5G පහසුකම් සඳහා වන සංඛ්‍යාත වෙන්දේසියක් සිදුවනු ඇතැයි පවසා තිබුණි. එහෙත් ඉන්දියාවේ දුරකථන නියාමන අධිකාරියට අනුව එම වෙන්දේසිය ලබන ජූලි මාසය දක්වා කල් යනු ඇතැයි සදහන්ව තිබේ.
0 Comments