james-webb

තොරතුරු අනාවරණය කිරීම මෙම නව අභ්‍යවකාශ දුරේක්ෂයේ මූලිකම රාජකාරිය වී තිබේ. ඒ සඳහා ගැලපෙන ලෙස වඩාත් නවීනතම උපාංග රැසකින්ම මෙම නව දුරේක්ෂය විශ්වයේ යපැවතිය හැකි ජීවයක් පිළිබදව තොරතුරු අනාවරණය කිරීම මෙම නව අභ්‍යවකාශ දුරේක්ෂයේ මූලිකම රාජකාරිය වී තිබේ.

ඒ සඳහා ගැළපෙන ලෙස වඩාත් නවීනතම උපාංග රැසකින්ම මෙම නව දුරේක්ෂය සමන්විත වී තිබේ. NASA ආයතනයට අනුව මෙම දුරේක්ෂයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 10කි. මෙම දුරේක්ෂයේ බර ටොන් 7කට ආනත වෙයි. එසේම මෙම දුරේක්ෂය පාවිච්චිය සිට සැතපුම් මිලියන 1ක් ඈතින් පිහිටුවීම සැලසුම වී තිබේ. එය පෘථිවියත් චන්ද්‍රයාත් අතර දුර මෙන් සිව් ගුණයකට වඩා වැඩි දුරකි.එම ස්ථානය වෙත ළගා වීම සඳහා James Nebb අභ්‍යාවකාශ දුරේක්ෂය වෙත මාසයක කාලයක් ගත වනු ඇතැයි ගණන් බලා තිබේ. එසේම එහි සවි කර ඇති අධෝරක්ත ඇස් මගින් සක්වල පිළිබදව නිරීක්ෂණය ආරම්භයට තවත් මාස පහක් පමණ ගත වනු ඇතැයිද සදහන් වෙයි. 1960 දශකයේදී නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ James Webb වෙනුවෙන් මෙම දුරේක්ෂ ය නම් කර තිබේ. විශ්වයේ බොහෝ නොවිසදුනු ගැටලු රැසක් විසඳා දුන්හබල් අභ්‍යවකාශ දුරේක්ෂයට පසුව එහි අනුප්‍රාප්තිකයා ලෙස මෙම James Webb අභ්‍යවකාශ දුරේක්ෂය ඉදිරිපත් කිරිමේ කටයුතු 1990 දශකය මුලදී ආරම්භ විය.

එහෙත් මේ සඳහා බොහෝ කාලයක් ගත වූ ඒ අතර, NASA ආයතනය සහ යුරෝපියානු හා කන්ඩියානු අභ්‍යවකාශ ආයතනවල එකමුතුවෙන් මෙම කටයුතු සිදු වී තිබේ. ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් 28 දඇතුළුව රටවල් 29ක දහස් ගණනකගේ දායකත්වයන් මෙම James Webb අභ්‍යවකාශ දුරේක්ෂය ඉදිකිරීම සඳහා හිමිව ඇතැයි සදහන් වෙයි.