පුදුමසහගත අවස්ථාවක් වූ බවත්, ජීවිතයේ එක්වරක් හෝ එවැනි අත්දැකීමක් ලබාගැනීම වැදගත් බවත්, පසුගියදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූ ජපානය ධනවතකු වන යුසකු මේසාවා පවසයි.සිය ධනය වැය කරමින් මෙවැනි ගමනක් යෑම පිළිබඳව පවතින විවේචන සම්බන්ධයෙන් මාධ්‍ය විසින් සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් අභ්‍යවකාශයේ සිටිමින්ම මේවා මේ බව පවසා තිබේ.
"මෙවැනි විවේචනය කරන අය සමහර විට කවදාවත්ම අභ්‍යවකාශයට නොගිය අයයි.” යනුවෙන් ඔහු පවසා තිබේ."මගේ මතකයේ තිබෙන වඩාත් සුන්දරම අවස්ථාව වු සොයුස් යානයේ සිට මම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය දුටු අවස්ථාවයි. ඒවගේම මම ඊට ඇතුළු වුණාට පස්සේ දුටු දෙයි.” යනුවෙන්ද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.විශේෂයෙන්ම මෙවැනි අභ්‍යවකාශ චාරිකා ලොව සුපිරි ධනවතුන්ට පමණක් ළගා විය හැකි කාරණා බව පවසන ඔහු, එය මුදල් මතම තීරණය නොවන්නක් බවද පවසයි. එහිදී අභ්‍යවකාශයට යන පුද්ගලයාගේ ශරීරයද එම පරිසරයට අනුකූලව අනිවාරයෙන්ම සකස් විය යුතු බවත්, ඒ සඳහා මාස ගණනක් කැපවීමෙන් පුරුදු පුහුණු විය යුතු බවත් ඔහු පවසයි.
පසුගිය සතියේ බදාදා දිනයේදී ඔහු රුසියාවේ සොයුස් අභ්‍යවකාශ යානය ආධාරයෙන් මෙලෙස ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගියේය. ඔහු සමග සහායකයා වන 36 හැවිරිදි යෝසෝ හිරානෝද එක්ව සිටියි. මේ දක්වා ඔහු දින පහක කාලයක් ජාත්‍යන්තර අභ්යවකාශො මධ්‍යස්ථානයේ රැදී සිට ඇත. "මට නිදාගන්න එක ගැටලුවක් වුණා. මොකද අපිට නිදාගත්ත තිබු බෑග් එකක. ඒත් එය ඉතාමත් උණුසුම් ඒනිසා මම එය භාවිතයට ගත්තේ නෑ."මේවා තමන් රැගෙන ගිය සොයුස් අභ්‍යවකාශ යානයෙන්ම යළිත් ලබන දෙසැම්බර් 20 වැනිදා පෘථිවිය වෙත පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව ඔහු අභ්‍යවකාශයේ ගත කරන දින ගණන 12කි. "මට ජපානය ගොඩක් මතක් වෙනවා මම ආපහු ආව ගමන්ම සුෂි කන්න යනවා.” යැයි මේවා මෙහිදී පවසා තිබේ.
0 Comments