හදිසි අනතුරකට ලක්ව බරපතළ තත්වයට පත්ව මොළේ මියගිය 44 හැවිරිදි කාන්තාවකගෙන් ලබාගත් වකුගඩු දෙක සහ අක්මාව කුරුණෑගල මහනුවර සහ පේරාදෙණිය යන රෝහල්වලදී රෝගීන් තිදෙනකුට බද්ධ කළ බව වාර්තා විය.
මැද පෙරදිග රටක රැකියාවකට යාමට සූදානම්ව සිටී මෙම කාන්තාව එසේ යාමට දින 4 කට පෙර දරුණු අනතුරකට මුහුණ පා තිබුණි.
ඇය කුරුණෑගල ප්‍රදේශයේ නවාතැන්පොළක සිටියදී බත් පාර්සලයක් රැගෙන ඒමට කුරුණෑගල නගරයට ගිය අවස්ථාවේ යතුරු පැදියක ගැටී අනතුර සිදුවූ පසු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ දින ගණනක් ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගොස් තිබුණි.බේරුවල කරදගොඩ (ගල්පොත්ත) පදිචීව සිටි 44 හැවිරිදි වයි.ජී. කල්‍යාණී සේනාරත්න නමැත්තිය මෙසේ මියගියාය. මියගිය අයගේ දියණිය 17 හැවිරිදි තරුෂි හිමාෂා සහ 14 හැවිරිදි කවිෂ ධනංජය දරු දෙදෙනාගේ කැමැත්ත මත ලබාගත් අවයව බද්ධ කිරීම සඳහා කළ සැත්කම්වලට ලක්වූ රෝගීන් තිදෙනා මේවනවිට සුවය ලබමින් සිටින බව ද වෛද්‍යවරු පැවසූහ.
මොළේ මියගිය අයගේ සිරුරු කොටස් ලබාගැනීමේ සම්බන්ධීකරණ ඒකකයේ ප්‍රධාන වෛද්‍ය අරුණ අබේසිංහ, එහි සම්බන්ධීකරණ නිලධාරී හෙද නිලධාරි අනුර රත්නායක සහ හෙද නිලධාරි ආර්.එම්.ජයවර්ධන මහත්වරු මෙම කටයුත්ත සම්බන්ධීකරණය කළහ.
0 Comments