keep-as-secure-as-vickat-wedding-delhi-polices-cheeky-password-advice

ඉන්දියාවේ දිල්ල නුවර පොලිසිය නිකුත් කළ ට්විටර් පණිවිඩයක් ගැන එරට සමාජ මාධ්‍ය තුළ හාස්‍යය හා විස්මය නිර්මාණයවී තිබේ. එහි සඳහන් වන්නේ,




Hello people,
Keep your passwords as secure as #VicKat wedding.
DelhiPolice

ලෙසින්ය. ඔබේ රහස්‍ය මුරපද විකී කෞෂාල් හා කත්‍රිනාගේ විවාහය මෙන් රැකගන්න ලෙස මෙවැනි පණිවිඩයක් යොමු කරන්නට හේතුවී ඇත්තේ පසුගිය සතියේ බොලිවුඩයේ ජනප්‍රිය සිනමා යුවළගේ විවාහය රහසිගතව පැවැත්වූ ආකාරය ගැන පැතිරුණ ආරංචි සමගිනි.
උත්සව තුනක් ලෙස මෙම විවාහය සැමරුවත් අතිශය පුද්ගලික ආකාරයට එය පැවති අතර පැමිණි අයට අණ විධාන කරමින් ඡායාරූප පිටවීමට පවා ඉඩක් නොතබා එය පවත්වන්නට ඔවුනට හැකිවූ අතර අවසානයේ කත්‍රිනා කයිෆ් හා විකී කෞෂාල් විවාහය නිල වශයෙන් නිකුත් කළ ඡායාරූප පිටකරන තුරු එය පුදුමකරවන රහසක් බවට පත් කෙරිණි.


දිල්ලි පොලිසිය මෙම සිදුවීම මුරපද රැකීම ගැන සිය ජනතාවට පණිවිඩයක් සඳහා යොදාගෙන තිබෙන නිර්මාණශීලී ආකාරය ගැන බොහෝ අය පසසා තිබේ.