keselwatte-fawas-murder

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් වලට කවදත් ප්‍රසිද්ධ කෙසෙල්වත්ත, කෙසෙල්වත්තේ දිනුක මිය යමෙන් අනතුරුව යම් තරමකට සාමකාමි වී තිබිණි. ඒ බවක් පිටතට පෙනෙන්නට තිබුණත් ඇතුලත ක්‍රියාකාරිත්වය එලෙස පැවිතිනි. එනම් මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම,  බැණ තර්ජන කිරීම ආදියෙහි නම් අඩුවක් දක්නට නොවීය.කෙසෙල්වත්ත පදිංචිකරුවකු වන 32 හැවිරිදි මොහොමඩ් කාමිල්  මොහොමඩ් ෆවාස්,මෙවැනි ක්‍රියාකාරකම්වලට නමක් දිනාගෙන සිටියේ ප්‍රදේශයේ කාගේත් අප්‍රසාදයට ලක්වෙමිනි.

පසු ගිය 04 වැනිදා රාත්‍රියේ කෙසෙල්වත්ත, යොන් වීදියේ එහා මෙහා යමින් සිටියේ දඩයමක් සොයමින් වියයුතුය. එනම් මහමග යන කවුරුන් හෝ බියකර මුදල්ලබාගැනීමට නොඑසේනම් තරහකාරයකුට තර්ජනය කිරීමට යම් මැර ක්‍රියාවකටඅරඅඳිමිනි.වේලාව රාත්‍රී එකොළහමාරට ආසන්න වෙද්දී ෆවාස් ඇවිදමින් සිටින ස්ථානය අසල සුදු පැහැමෝටර් රථයක් නතරවිය. ෆවාස් ගැන වැඩිදුර සිතන්නට නැතත් නිමේෂයකින්මුහුදෙපා අධිවේගයෙන් ක්‍රියා  කරන්ට වූයේතම ජීවිතය ගැන ඇති වූ ආසාවනිසාය.එනම් මෝටර් රථයෙන් පැමිණ සිටියේ සිය මාරයා බව වැටහුනු නිසාය.

කඩු, කිනිසි රැගත් පස් දෙනකු  මෝටර් රථයෙන් බැස ෆවාස් පසුපස එලවන්නට වූයේ නවතින ලෙස කැ ගසමිනි.

ෆවාස් කකුල් වලට විරිය අරගෙන එම ස්ථානයෙන් පලා ගිය තරුණයන් පස් දෙනාගේ පාද ඊට වඩා වේගවත් විය.ප්‍රදේශයටම කරදරයක් ව සිටි ෆවාස් කඩු කාරයන්ගේ පහරවලට ගොදුරුවන්නේ නැගිටින්නට නොහැකිවන ලෙසය. දිගට හරහට ෆවාස්ට පහරදුන් පිරිස පැමිණි මෝටර් රථයේ නැගී පලායන අතර බරපතල තුවාල ලබා සිටි ෆවාස් ගැන බලන්නට කීසිවකුත් ඉදිරිපත් වූයේ නැත.ඒ එක්කෝබියටය. නො එසේනම් අකමැත්තටය. ඒ වන විට කෙසෙල්වත්ත පොලිසියේ රාත්‍රී ජංගම රථය අලුත්කඩේ පැත්තේ ගමන් කරමින් තිබිණි.පහරදීමේ මුල්ම තොරතුරක් ලැබෙන්නේ ජංගම රථයටය.

ඔවුන් ජීප් රථය සිද්ධිය වූ බව කී යොන් වීදිය දෙසට හැරවීය. මඳදුරක් යද්දී දුටුවේ පාර පුරා රුධිරය ගලා ගොස් ඇති බවකි. ඉන් ඉදිරියට ගියවිට තුවාලකරු හමුවිය.ඒ වනවිට තුවාලකරු සිරුරේ රස්නය තිබූ බැවින් පොලිස් කණ්ඩායම මුලින්ම කළේ තුවාලකරු රෝහලගත කිරීමයි.ඇතුල්කිරීමෙන් අනතුරුව දැනගන්නටලැබුණේ ඔහු ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවය. විමර්ශන ආරම්භ වන්නේ ඉන්අනතුරුවය. කෙසෙල්වත්ත පොලිසියට අමතරව ඒ අවට ස්ථාපිතවත් පොලිස් ස්ථාත කිහිපයකට කොළඹ අපරාධ කොට්ඨාසයට විමර්ශන පවරන්නේ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසිනි.වහා ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ඨාසය පෞද්ගලික ඔත්තු කරුවන්ගේ මාර්ගෙන් ෆවාස් ඝාතකයන් සොයන්නට විය.

ඒඅතර එහි කොට්ඨාසයේ අපරාධ බුද්ධි ඒකකයේ කොස්තාපල් අමිලටමේ සැකකරුවන් සමිබන්ධ තොරතුරලැබෙන්නේ සිද්ධිය වූ දිනට පසු දිනය.එම තොරතුර වූයේ කෙසෙල්වත්ත ඩි ෆ්ලැට් එකේ දෙවැනි මහලේ නිවෙසක සැකකරුවන් සිටින බවත් ඔවුන් ප්‍රදේශය හැරපලා යැමට සූදානම් වෙමින් සිටින බවය. තොරතුර ලද වහාම කණ්ඩායමක් පිටත්ව යන අතර සැකකරුවන් හතරදෙනකු අල්ලාගැනීමට හැකිවිය. ඒ අවස්ථාවේදීම ප්‍රශ්නකොට ලබාගත් තොරතුර මත මෙම මෙම ෆ්ලාට් එකේ තරප්පුව යට ඇති පරවි කුඩුවේ සහවා තිබූ කඩු හතරක් සොයාගැනිණි. මෙලෙස අත්අඩංගුවට පත්වූයේ විශ්මිත (22)දෙනුවන්(31)මොහාමඩ් රිෆාඩ් නොහොත් කඩා (26)සහ මොහොමඩ් උමර්නොහේන මෝල් (26)යන සිව් දෙනාය.මොවුන් හෙළිකළ තොරතුරු මත ෆවාස් ඝාතනයට පැමිණි අනෙත් පුද්ගලයා වූ අනුෂ්ක(23) අත්අඩංගුවට ගන්නේ ඊටපසු දින මාතීස් මාවතේ යමින් සිටිය දීය. ප්‍රශ්න කිරීමේදී ඔවුන්සියල්ල හෙළිකළහ.ෆවාස් හා කෙසෙල්වත්තේ දිනුක පෙර කාලයේ එක්ව අපරාධ කල්ලි කාරයන්ට වැඩි ආයුෂ නැත.

සාමාන්‍යයෙන් සවිධානාත්මක අපරාධ කල්ලිකාරයන්ට වැඩි ආයුෂ නැත.ප

ොලිසිය, ආරක්ෂක අංශ අතින් හෝ කල්ලි කල්ලිගැටුම් වලින් හෝ එසේ නොමැතිනම් ලෙඩරෝගයකින් අකාලයේ මියයැම සිරිතය.කෙසෙල්වත්තේ දිනුක ඩුබායි රටේදී පසුගිය මාර්තු මාසයේදී හෘදයාබාධයකින් මියයන්නේ සදාතනික  දහම තවදුරටත් සත්‍යබව පසක් කරමිනි. පාතාල නායකයකු මියගිය පසුතැනට එන්නගෝලබාලයන් දෑඩි උත්සාහයක යෙදෙන්නේත් කිනෙකා මරාගන්නා තරමට සටන් වදිමිනි.දිනුක මියගිය පසු කල්ලියේ නායකත්වය හිමී වූයේ දනුක රොෂාන්නම් දිනුකගේ ගෝලයාටය,ෆවාස් පරාජය බාරගත් අතර ඔහු වලව්වත්තේ ෆයිසර්ටද මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යන්නට විය.ෆයිසර් මේ වන විට සිටින්නේ ඉන්දියාවේය.දනුක සිටින්නේ ද සිය දරු පවුලක් රැගෙන ගොස් ඉන්දියාවේය.

දිනුක මිය යෑමත් දනුක ද විදෙස්ගතවීමත් නිසා මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙන්ම කෙසෙල්වත්ත පාතාලයේ අංක01වීමට උත්සාහ කරන්නට වූයේ ප්‍රදේශවාසීන්ට චන්ඩිපාට්දමමිනි. හෝටල්වට ගොස් තමන්ට රිසිආහාරපාන කාබී ඉන්පිටවන්නේ මුදල් නොගෙවමිනි.හෝටල් හිමියන් ඉන්දැඩි අපහසුතාවට පත්වූවත් කියන්න  කෙනකු සිටියේනැත. එසේම කෙසෙල්වත්තේ කඩවලින් බඩුගන්නේ නිකම්ය.එනම් චණ්ජිපාට්ද දමා  බඩරැගෙන මුදල් ගෙවන්නේ නැත. එපමණක් නොව මොහු කප්පම් ගැනීමටද පුරුදුව සිටි අතර ගිනි අවි ළග තබාගෙන මිනිසුන  බියවද්දමින් කෙසෙල්වත්ත පුරා භීෂණකාරී තත්වය ඇතිකරගෙන ප්‍රදේශයේ රජා වීමටදැඩි උත්සාහයක යේදීණි.දිනුක නැති කෙසෙල්වත්තෙ දනුකද නැති නමුත් ඔවුන්ගේ ගෝලබාලයන්ගෙනම් අඩුවක් තිබුණේ නැත.දිනුකලා දනුකලා මෙන්ම තවද ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ මත්ද්‍රව්‍ය ජාවාරමයි. සාමාන්‍යයෙන් මන්ද්‍රව්‍ය ජාවාරම මොවුන් අතර පවතින සිරිතක් ඇත.එක ප්‍රදේශයක දෙදෙනකුට ජාවාරමේ යෙදෙන්නට නොහැකිය යන්නයි.

දනුකගේ ගෝලයන්දකෙසෙත්මත්තේ කඩු " විකිණීම ෆවාස්ට කරදරයක්විය.ෆවාස්ගේ ගෝලයන්ගේ චන්ඩිපාට් දනුකගේ ගෝලයන්ට ඇල්ලුවේද නැත.ගෝලබාලයන්ගේ දැනුම් දීම් හේතු වෙනුත්, ෆවාස් සමග දැඩි වෛරයක් ඇතිකර ගෙන තිබුණ අතර හැකි ඕනැම අවස්ථාවක ඔහු මරාදමන ලෙස ගෝලබාලයන්ට උපදෙස් ද තිබිණි.පසුගිය 04 වැනිදා රාත්‍රියේ දනුකගේ ගෝලයන් පස් දෙනකු කඩුවෙලට යන්නේ මිතුරකුගේ උපන්දින සාදයකට එක්වීම සඳහාය.ඒ මිතුරකුගෙන් ඉල්ලාගත් සුදු පැහැ ප්‍රියස් මෝටර් රථයකිනි,සාදය අවසන්වන විට මේ පස්දෙනාම මත්වතුරින් සප්පායම් වී සිටි අතර කෙසෙල්වත්තට එන්න පිටත්වනවිටවේලාව රාත්‍රී දහය පසුවීතිබිණි. ගම් ප්‍රදේශයට ඇතුල් වෙද්දීම මොවුන් දකින්නේ ෆවාස් එහා මෙහා යමින් ගොදුරකට ඉව අල්ලමින්සිටින අයුරුය.

'නියම චාන්ස් එක  මුව මරල දාමු" එම යෝජනාව විශ්මිතගේය. සියල්ලන්ම ඊට එකගවූහ. ෆවාස් ගැන සෝදිසියෙන් සිටීමට එක් අයකු එම ස්ථානයේ රඳවා අනෙක් සිව් දෙනා කෙසෙල්වත්ත පිහිටි මදාවි ෆ්ලැට් එකට යන්නේ කඩු කිනිසි රැගෙන ඒමටය.

ඒත් ෆ්ලැට් එකේ ඕනැ තරම් තිබෙන අතර ඕනැම වෙලාවක ලබා  ගත හැකිය.මොවුන් කඩුරැගෙන එන විට ෆවාස් එහා මෙහා යමින් සිටියේ තව නොබෝ වේලාවකින්සි දුවන්නේ කුමක්දැයි නොදැනය. මෝටරථයේ පැමිණි පිරිස කඩු කිනිසි රැගෙන බැසදිරියටම එන්නටවිය,තම ජිවිතයේ අවසානය උදාවී ඇති බව පවා වැටහෙන්නේ කඩුකාරයන් දුටුවිටය. වහා ක්‍රියාත්මක වූ ෆවාස් එතැනින් නික්ම ජීවිතය බේරාගැනීමට දිවගියත් තරුණයක් පස්දෙනකුගෙන් ගැලවීමට හැකි වූයේ නැත .මේ ඝාතකයන් පැමිණි මෝටරථය ද සිද්ධියට දින තුනකට පසු කැලණියේදී සොයා ගැනිණි.උපන්දින සාදයකට ගොස් පැමිණ ආපසු දෙන බව කියා රැගෙන ගිය වාහනය මනුෂ්‍ය ඝාතනයකට යොදාගත්තේය යන  චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත්කරු හිමිකරු දැඩි අපහසුතාවට පත්කරවමිනි.
   - තක්ෂිලා ජයසේකර-