තැඹිලි හා කුරුම්බා වතුර නිවර්තන කලාපයේ වෙසෙන ජනයාට උණුසුම නිවාගැනීම සඳහා ස්වභාවධර්මයා විසින් දායාද කරනු ලැබ ඇති ඉතාමත් පෝෂ්‍යදායි පානයකි. එහි ග්‍රෑම් 100ක කැලරි 17.4ක් අඩංගු වේ.
ආයුර්වේදයට අනුව එය තෙල් සහිත මිහිරි පානයක් වන අතර එමගින් ශුක්‍ර ධාතුව වඩවා ආහාර දිරවීම පහසුකර මුත්‍ර මාර්ගය ද පිරිසිදු කරයි. නොමේරූ තැඹිලි හා කුරුම්බා වතුරේ ඖෂධීය ගුණාංග
01. බඩවැලේ ආබාධයන්ගෙන් පෙළෙන අත දරුවන්ට ගුණදායක ය.
02. විජලනයට ගුණදායක පානයකි.
03. වැඩීම වර්ධනය කරන ගුණාංගයන්ගෙන් යුත් ජීව සංයෝග අඩංගු ය.
04. සිරුර සිසිල්ව තබයි.
05. සිරුර මතුපිට ආලේප කිරිමෙන් දහඩිය බිබිළි, ගඩු ආදිය හට ගැනීම වළකා, වසූරිය, පැපොල, සරම්ප ආදියෙන්
හටගත් කැළැල් සුව කිරීමට උපකාර වේ.
06. සේලයින් හා ඇල්බියුමින් අඩංගු හෙයින් කොළරා අවස්ථාවන්හිදී යහපත් පානයකි.
07. වියපත් අයට හා රෝගීන්ට කදිම ශක්තිජනක පානයකි.
08. මුත්‍ර වර්ධකයකි.
09. කොළරාව හා අතීසාරය වැනි අවස්ථාවල වෙනත් තරලයක් නොමැති විට අන්තර්ශිරා ඔස්සේ නික්ෂේපණය injected කළ හැකිය.
10. විෂබීජයන්ගෙන් හා පයිරොගන්වලින් තොර හෙයින් හා රුධිර සෛල විනාශ නොකරන හෙයින් රුධිර ප්ලාස්මීය
blood plasma ආදේශකයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකිය.
11. ඖෂධ ඉක්මනින් උකහා ගැනීමට ආධාර කර ඒවායේ අඩංගු විද්‍යුත් විච්ඡේදන බලය නිසා රුධිරය සාන්ද්‍රණය වීම පහසු
කරයි.
12. මුත්රාවල විෂබීජ නසා, ඛනිජ විෂවීම්වලදී විෂ ඉවත් කරයි.
ජීව තරලය
අපගේ රුධිරයේ ඇති විද්‍යුත් විච්ඡේදන තුල්‍යතාවට සමාන මට්ටමක් තැඹිලි හා කුරුම්බා වතුරවල අඩංගුය. එය 'ජීව තරලය' ලෙස ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානියා විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ.
අනතුරු හැගවීම
අන්තර් ශිරාවලට තැඹිලි නික්ෂේපණය කළ විට එහි අන්තර්ගත අධික පොටෑසියම් ප්‍රමාණය නිසා (මිග්රෑ 290) වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වල රෝගීන්ගේ මස්තු පොටෑසියම් ප්‍රමාණය වැඩිවෙනු ඇත. මස්තු පොටෑසියම් ප්‍රමාණය අඩු, කොළරාව, අතීසාරය හා වෙනත් එවැනි අධික පාචන තත්වයන්ගෙන් යුත් රෝගීන්ට. තැඹිලි වතුර මුඛයෙන් හෝ අන්තර් ශිරා ඔස්සේ හෝ දිය හැකිය. අප රටේ හා විදේශීය රටවල විවිධ පර්යේෂකයන් විසින් පාචනය, සඳහා අන්තර් ශිරා ඔස්සේ තැඹිලි වතුර දෙනු ලැබේ. වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වල රෝගීන්ට, දරුණු අධිවෘක්ක තත්වයන්ගෙන් යුත් රෝගීන්ට, රුධිර පාරවිලයනයෙන් අනතුරුව මුත්‍රා පිටකිරිම අඩු රෝගීන්ට හා පොළොඟුන් දෂ්ට කිරීමෙන් පසු මස්තු පොටෑසියම් ප්‍රමාණය වැඩි රෝගීන්ට තැඹිලි වතුර නොදීම වඩාත් සුදුසුය.
පාචනයට ප්‍රතිකාර වශයෙන් තැඹිලි වතුර අන්තර් ශිරා ඔස්සේ ලබාදීම
අප රටේ පාචන රෝගීන්ට ප්‍රතිකාර වශයෙන් අන්තර් ශිරා ඔන්සේ ප්‍රථමයෙන් තැඹිලි වතුර දෙන ලද්දේ මහාචාර්ය කේ. රාජසූරිය විසිනි. ළදරුවන්ගේ පාචනයට තැඹිලි වතුර යොදාගන්නා ලද්දේ මහාචාර්ය සී. සී. ද සිල්වා විසිනි. පාචනය හේතුකොටගෙන මන්ද පෝෂණයෙන් පෙළෙන ළමයින් විෂයයෙහි තැඹිලි වතුර අන්තර් ශිරා විජලන ද්‍රාවයක් ලෙස වෛද්‍ය එන්. පී. ප්‍රනාන්දු මහත්මිය විසින් යොදා ගන්නා ලදී. වෙනත් අන්තර් ශිරා ද්‍රාවණයක් ලබාගත නොහැකි අවස්ථාවල ලෝකයේ වෙනත් රටවලද තැඹිලි වතුර ඒ වෙනුවට උපයෝගී කරගනු ලැබේ.පළමුවැනි ලෝක යුද්ධ සමයේ ජපන් ජාතිකයන් විසින් සුමාත්‍රාවේදී අන්තර් ශිරා ඔන්සේ තැඹිලි වතුර ශරීරගත කරනු ලැබ තිබේ.
තැඹිලි වතුරේ සංයුතිය
ග්ලූකෝස් සහ පෘක්ටෝස් ස්වරූපයෙන් ඇති සීනි, තැඹිලි හා කුරුම්බා වතුරවල අඩංගු වැදගත් සංයුතියකි. ගෙඩි මෝරාගෙන එන මුල් කාලයේ ඒවායේ අඩංගු සීනි ප්‍රමාණය සියයට 1.5 සිට 5.5 දක්වා ප්‍රමාණයකින් වැඩිවන අතර, හොඳින් පැසුණු අවස්ථාවේ සියයට 2 දක්වා වන ප්‍රමාණයකට අඩු වේ. ගෙඩිය පැසීමත් සමඟ එහි අඩංගු සුක්රෝස් ප්‍රමාණයද වැඩි වේ. ළපටි තැඹිලි වතුර හා වෑවර වතුරවල සුක්රෝස් සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු නොවේ. පැසුණු පොල් වතුරේ රසයේ වෙනසට හේතුව මෙයයි.
ඛනිජ වර්ග
නොමේරූ පොල් හා තැඹිලි වතුරේ, පොටෑසියම් (මිග්රෑ%290), සෝඩියම් (මිග්රෑ%42), කැල්සියම් (මිග්රෑ%44), මැග්නීසියම් (මිග්රෑ%10), පොස්පරස් (මිග්රෑ%9.2), යකඩ (මිග්රෑ%106), තඹ (මිග්රෑ%26) ආදි වශයෙන් බනිජ වැඩි ප්‍රමාණයක් අඩංගු වේ.
උපුටන සටහන - කේ.එන්.ඕ. අමරදාස
0 Comments