loic-price-hike

ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ඛණිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිල ගණන් බහළ දැමීමට සමගාමීව
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.


මෙහි විශේෂත්වය වන්නේ පෙට්‍රල් N 95 වර්ගයේ 95 වර්ගයේ ලීටරයක මිල රුපියල් 184 සිට රුපියල් 210ක් දක්වා රුපියල් 26කින් මිල ඉහළ නංවා තිබීමයි. එම ගණන ඛණිජ තෙල් සංස්ථාව ඉහළ දමා ඇත්තේ රුපියල් 23කිනි. ඉන්දියන් ඔයිල් සමාගම තවත් රුපියල් 3 ක් වැඩියෙනි.
සෙසු ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත්තේ ඛණිජ තෙල් සංස්ථාවේ මිල ගණන් වලට සමානවය.

    ඔක්ටේන් 92 ලීටරය රුපියල් 20කින් (නව මිල 177)
    ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 10 කින්  (නව මිල 121 )
    සුපර් ඩීසල්  ලීටරය රුපියල් 15 කින්  (නව මිල 159 )
    භූමිතෙල් ලීටරය රුපියල් 10 කින්  (නව මිල 87 )