lpl-dambulla

අවිශ්ක ප්‍රනාන්දු හා රහ්මනුල්ලාහ් ගුර්බාස්ගේ අති විශිෂ්ට පිතිහරඹයි හේතුවෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා නරගයට දොරටු විවර කර ගැනීමට වත්මන් ශූරයන් වන ජාෆ්නා ක්‍රින්ග්ස්  කණ්ඩායම මෙන් විය. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය (Qualifier 2) ලෙසින් මෙම තරගය සුවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (21)දා රාත්‍රියේ පැවැත්විණි.

මෙහිදී ජෆ්නා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 217ක අසීරු ඉලක්කයට පිළිතුරු ලෙස දඹුල්ල පිතිකරුවන්ට පන්දුවාර 20 තුළදී රැස් කළ හැකිවූයේ ලකුණු 187/9ක් පමණි. දඹුල්ල ඉනිමේ එකම ගැලවුම්කරුවා බවට පත් වූ චාමික කරුණාරත්න පන්දු 47කදී නොදැවී ලකුණු 75ක් රැස් කළ අතර, එය මෙවර ඒල්.පී.එල්. තරගවාරයේ දඹුල්ල කණ්ඩායමේ පිතිකරුවෙකු ක්‍රීඩා කළ ඉහළම ඉනිමද විය.



 ජැෆ්නා වෙනුවෙන් ජේඩීන් සීල්ස් ලකුණු 24කට කඩුලු 03ක් දවා ගත්තේය.දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන්  පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිස්සේ පන්දුවාර 20 තුළදී ලකුණු 210/4ක් රැස් කිරීමට සමත් විය. මෙය එල්.පී.එල්. තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලකුණු 200 සීමාව පසු කර ගිය 08වැනි අවස්ථාව වූ අතර, ඉන් සිවුවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක් විය.  මෙම වාර්තාගත ලකුණු පුවරුවේ ප්‍රධාන කොටස්කරුවන් දෙදෙනා බවට ආරම්භක පිතිකරු යුගලය වන අවිෂ්ක ප්‍රනාන්දු හා රහ්මනුල්ලාහ් ගුර්බාස් පත් විය.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 122ක වාර්තාගත සබඳතාවක් පැවැත්වූ අතර, එය එල්.පී.එල්. ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි. එමෙන්ම මෙය එල්. පී.එල්. ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ දෙවැනි හොඳම ලකුණු සබඳතාවද විය.මෙහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 64කින් ලකුණු 100ක් රැස් කිරීමට සමත් වූ අතර, එය මෙවර තරගවාරයේ වාර්තා වූ පළමු ශතක ඉනිමද විය. එල්.පී.එල්. ඉතිහාසයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ ශතක ඉනිම් දෙකක් පමණි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීගයේ මූලික වටයේ තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහන්නේ පෙරමුණ හිමිකර ගැනීමට ජැෆ්නා කින්ස් කණ්ඩායම සමත් වූ අතර, එහි දෙවැනි ස්ථානය හිමි වූයේ ගෝල් ක්ලැඩියේස්ටර්ස් කණ්ඩායමටය. ඊට අමතරව තෙවැනි ස්ථානය දඹුල්ල යෂ්ටිස් හා සිවුවැනි ස්ථානය කළබු ස්ටර්ස් කණ්ඩායම හිමිකර ගත් අතර, අවසන් ස්ථානය හිමි වූයේ කැන්ඩි වොරියස්ටය.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවැනි ස්ථාන හිමිකර ගත් ජැෆ්නා ක්‍රිස්සේ හා ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ පළමු තරගයට (Qualifier 1) පසුගියදා (19)දා ක්‍රීඩා කළේය.

ඉන් විශිෂ්ට ජයක් ලැබූ පසුගිය වසරේද අනුශූරයන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කෙසේ වෙතත් අයි.පී.එල්. තරගාවලියට සමාන ආකෘතියක් මෙහිදී ඇති හෙයින් පරාජිත ජැෆ්නා කිස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් නොවූ අතර, ඔවුන්ට අවසන් සටනට පිවිසීමේ තවත් අවස්ථාවක් ඉතිරී තිබුණි. මෙහි අවසන් මහා තරගයට පිවිසීමේ දොරටු විවර කරන තරගයක් ලෙස ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි හා සිව්වැනි ස්ථාන හිමිකරගත් කණ්ඩායම් අතර තරගයක්ද (Eliminator) පසුගියදා (19දා) පැවැත්විණි.

දඹුල්ල ජයන්ට්ස් හා කළම්බු ස්ටර්ස් අතර එම තරගය පැවැති අතර, ඉන් ජයගත් කණ්ඩායම අවසන් සටනට පිවිසෙන පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් , පරාජය වූ කණ්ඩායම සමගින් නැවත  තරග වැදිය යුතුය. ඒ අනුව එම තරගයෙන් ජයගත් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ජැෆ්නා සමගින් තරග වැදීමට සිය අවස්ථාව හිමිකර ගත්තේය.මෙවර තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ග්ලැඩියේටර්ස් හා ජැෆ්නා කිංග්ස් අතර හෙට (23දා) පැවැත්වීමට නියමිතව ඇත.