mahindananda-china

චීනයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සූදානම්ව තිබූ සැක සහිත කාබනික පොහොර තොගය සඳහා චීන සමාගම ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා ඇති අතර එය ශ්‍රී ලංකාවේදී විසඳා ගැනීමට චීන සමාගම එකඟ වූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (06) පැවසීය.



එහෙත් සීමාසහිත Qingdao Seawin Biotech Group Co., හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇනා සොන්ග් පැවසුවේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය අසත්‍ය බවයි. සිංගප්පූරුවේ බේරුම්කරණ මධ්‍යස්ථානයක් හරහා ශ්‍රී ලංකා රජයට අයත් Colombo Commercial Fertilizer සමාගමෙන් දැනටමත් Qingdao සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාව එම පොහොර තොගය ආනයනය කිරීමේ ගිවිසුම කඩ කර ඇති බවත්, ඔවුන් ඉල්ලා සිටින වන්දි මුදලට නැව්ගත කිරීම සහ පොලී ඇතුළු පොහොර තොගයේ වටිනාකම ඇතුළත් බවත් චීන සමාගම තර්ක කරයි. බේරුම්කරණ ගාස්තුව ශ්‍රී ලංකාවෙන්ම අයකරගත යුතු බවද සමාගම පවසයි.