මෙහෙකාර සේවයේ යෙදී සිටි තරුණියක අපයෝජනයට ලක් කළැයි චෝදනාවට ලක්ව දින හතක් තිස්සේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයා ඊයේ (20) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.
අගතියට පත්වූ බව කියන තරුණිය පසුගිය 13වැනිදා පානදුර දකුන පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔහුගේ නිවස වෙත අවස්ථා කිහීපයකදී ගියද ඔහු නිවසින් පලාගොස් තිබිණි.
මීට සිවු මසකට පෙරදී බ්‍රිගේඩියර්වරයාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා පැමිණි තිබූ තන්තිරිමලේ තරුණියක නිවසේ කාත් කවුරුත් නොමැති අවස්ථා කිහිපයකදී සැකකාර බ්‍රිගේඩියර්වරයා අපයෝජනය කර තිබූ බව ඇයගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
එලෙස අපයෝජනයට ලක්ව තිබූ මෙහෙකාර තරුණියට බ්‍රිගේඩියර්වරයාගේ නිවසේදී හදිසියේ අසනීප තත්වයක් ඇති වී පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් දින කිහිපයකට පසු ඇයගේ දෙමාපියන් ගෙන්වා මෙහෙකාර තරුණිය තන්ත්රිමලේ නිවසට පිටත් කර හැර තිබූ බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
එම සිද්ධියෙන් අනතුරුව වරින් වර රෝගී බවට පත්ව තිබූ මෙහෙකාර තරුණිය අනුරාධපුර ප්‍රදේශයේ රජයේ රෝහලක ප්‍රතිකාර සඳහා ගිය අවස්ථාවේදී රෝග නිධානය පිළිබද විමසීමේදී බ්රිගේඩියර්වරයාගෙන් තමන්ට වූ අපයෝජනය සම්බන්ධයෙන් වෛද්‍යවරයාට කරුණු අනාවරණය කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයා විසින් පානදුර දකුණු පොලිසියට සිදුකළ දැනුම්දීමක් අනුව තත්තිරිමලේ තරුණියව පානදුර පොලීසිය වෙත ගෙන්වා ලබාගත් ප්‍රකාශයකින් සටහන් කරගෙන තිබෙන බවත් පොලිසිය දන්වා සිටියේය. පානදුර දකුණ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරික්ෂක ඉරේශා කුමාරසිංහ මහත්මිය පැමිණිල්ල මෙහයවීය.
මෙලෙස ඇප මත මුදා හැරීපානදුර පෙරේරා මාවතෙහි පදිංචිකරුවෙකි. සැකකාර විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයා රුපියල් 25,000ක මුදල් ආප, රුපියල් 25,000 බැගින් වූ ශරීර (ඇප දෙකක් මත (පදිචිය තහවුරු කිරීම් සහතික ඉදිරිපත් කළ යුතුය), විදේශ ගමන් තහනම් (එම බලපත්‍ර අධිකරණයට භාරදීමටත්) හා සෑම මසකම පළමුවන ඉරුදින පානදුර දකුණු පොලීසියේ ළමා හා කාත්තා කාර්යාංශය වෙත පැමිණ අත්සන් කරන ලෙසත්, ඊට අමතරව විමර්ශනවලට සහාය දක්වන ලෙසත් නියෝග කළේය.
අද (21) පානදුර දකුණ පොලිසියේ ළමා කාන්තා කාර්යාංශය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-
0 Comments