marcus-lamb-founder-of-daystar-television-network-dies-after-getting-covid-19

ඇමෙරිකා එක්සත් ජනපදයේ විකාශය කෙරෙන ක්‍රිස්තියානි රූපවාහිනි නාලිකාවක ප්‍රධානියා වන මාර්කස් ලෑම්බ්  පසුගියදා COVID-19 ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඔහුට රජය මගින් ක්‍රියාත්මක කළ COVID-19 මදන එන්නත්කරණයට දැඩි ලෙස විරෝධය දැක්වූ අයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණි. 


ඔහුගේ මූලිකත්වයෙන් ඇරඹුණු Daystar Television Network මාධ්‍ය ජාලය අද වනවිට එක්සත් ජනපදයේ ස්ථාන   70ක සිට විකාශය සිදුකරන බවත්, තවත් ලොව රටවල් කිහිපයකටම ව්‍යාප්තව තිබෙන බවත් පැවසෙයි. එහිදී COVID-19 එන්නත්කරණය සම්බන්ධයෙන් එම නාලිකාව මගින් බොහෝ වැරදි සහගත, මහජනයා මුළා කරන ආකාරයේ පුවත් සහ තොරතුරු ප්‍රචාරය කළ බවට චෝදනා එල්ල වී තිබේ.   එසේම එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් COVID-19 මර්දනය සඳහා අනුමත කළ Hydroxychloroquine ඖෂධය මගින් එම  වෛරසය සුව වන බවට වන ප්‍රචාරයන්ද එම නාලිකාව මගින් සිදුකෙරිණි. එහෙත් තවමත් මෙම ඖෂධය මගින් වෛරසයට එරෙහිව සාර්ථකත්වයක් ලැබෙන බව විදයත් ඔප්පු කර නැත.


මේ අතර ආසන්න කාලසීමාවේදී මෙම රූපවාහිනී මාධ්‍යජාලය මගින් එරට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මගින් ක්‍රියාත්මක කළ COVID-19 එන්නත්කරණ වැඩපිළිවෙළද දැඩි ලෙස විවේචනයට ලක්කර තිබේ.

එසේම ඔවුන් මෙම එන්නත්කරණ වැඩපිළිවෙළට එරෙහිව අධිකරණය වෙත ගිය බවද සඳහන් වෙයි.  මෙලෙස COVID-19 නිසා සිදුවුණු සිය පියාගේ මරණය සම්බන්ධයෙන් අදහස්  දක්වා ඇති මාර්කස් ලෑම්බිගේ  පුත්‍රයා වන ජොනතන් ලෑම්බ්, එය සිය සතුරන් විසින් පියා වෙත සිදුකරන ලද ආධ්‍යාත්මික පහරදීමක් නිසා සිදුවූ මරණයක් බව පවසා තිබේ.