matale-gas-death

මාතලේ, උඩුපිහිල්ල ප්‍රදේශයේ නිවසක සිදු වූ ගෑස් අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා සිටි කාන්තාවක ඊයේ (06 වැනිදා) මියගොස් තිබේ.
 ඉකුත් නොවැම්බර් මස 19 දින ගෑස් ලිප දැල් වූ අවස්ථාවේදී සිරුරට ගිනි ඇවිළී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.


තුවාල ලැබූ අවස්ථාවේ ඇයව මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර  දැඩි සත්කාර ඒකකයේ සති දෙකකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා තිබේ. අනතුරුව මීට දින දෙකකට පෙර රෝහලෙන් නිවස වෙත පැමිණි නමුත් අපහසුතා සහිතව සිටි බව ඇයගේ ඥාතිහූ පවසති. ඊයේ නැවත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රොහල් ගත කර පරීක්ෂාවේදී ඇගේ රුධිරයේ සීනි මට්ටම පහළ ගොස් දැඩි අපඑසුතාවකට ලක්ව ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය මියගිය බව වෛද්‍ය වරු දන්වා තිබේ.
පිලිස්සුම් තුවාල නිසා ඇයගේසිරුරේ ඇතිවූ වෙනස්කම් මරණයට හේතුවී ඇත.


 මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ, උඩුපිහිල්ල ප්‍රදේශයේ පදිංචි එච්.එම්. චන්ද්‍රා කුමාරි නමැති 69 හැවිරිදි කාන්තාවකි.
සිද්ධිය පිළිබඳව ගෑස් සමාගමට සහ පාරිභෝගික සේවා අධිකාරියට ලිඛිතව දැන්වූ බවද ඇයගේ පවුලේ ඥාතීහු කියති.