ආබාධිත දැරියකට පරිත්‍යාග කිරීම සඳහා මිලට ගන්නා ලද පාවහන් යුගලක් නැවත මාරු කිරීමට ගිය අවස්ථාවේ දී පාරිභෝගිකයකුට බැණ තර්ජනය කර පහරදීමට තැත් කළ බව කියන මාතර මහානාම පාලම අසල වෙළද සලක හිමිකරුවකුට ඊයේ(20) දැඩි ලෙස අවවාද කර මුදා හළ බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. මෙම සිද්ධියට ලක්ව ඇත්තේ දිවයිනේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක දකුණු පළාත් බෙදාහැරීම් ප්‍රාදේශීය කළමනාකරුවකු ලෙස සේවය කරන සිසිර දසනායක මහතායි. ක
ොස්ගම පදිංචි ඔහු රුපියල් 1,150ක මුදලක් ගෙවා පාවහන් යුගල ඉකුත් 15 වැනිදා මිලදී ගෙන ඇති අතර එය ප්‍රමාණවත් නොවීම නිසා තෙදිනකට පසු අදාළ වෙළෙඳසලට ගොස් බිල ඉදිරිපත් කර එය මාරු කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ දී මෙම සිද්ධියට මුහුණ පා ඇත.
ඒ පිළිබඳව අදහස් දැක්වූ සිසිර දසනායක මහතා මෙසේ පැවසීය.
“ආබාධිත දැරියකට පරිත්‍යාගයක් ලෙස දෙන්නයි මම එම පාවහන් යුගල මිලදී ගත්තේ. ඒ අවස්ථාවෙදී මම ඒ කඩෙන් ඇහුවා මදිවුණොත් මාරු කර ගන්න පුළුවන්ද කියලා. පුළුවන් කියලා කිව්ව නිසයි ඒක මිලදී ගත්තේ. හම්බන්තොටට ගිහින් දැරියට ඒක දාලා බලද්දී ප්‍රමාණය මදි වුණා. නැවත ඉකුත් 19 වැනි දින ඒක අරගෙන ඇවිත් බිල සමග එම කඩයට භාර දුන්නා. වෙනත් එකක් ගන්න බැලුවත් ඒ ප්‍රමාණය තිබුණේ නැහැ. මම විකල්පයක් කරන්න කීවා. අඩුම තරමින් වෙන කඩේකින් ගන්න ගත්ත සල්ලි හරි ඉල්ලුවා. එවිට එම වෙලදසැලේ හිමිකරු මට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහර දෙන්න උත්සාහ කළා. මම මාරු කරන්න ගෙනා සෙරෙප්පු දෙක හෝ ගත්තු මුදල් නැවත දුන්නේ නෑ.
මේ වගේ වෙළෙඳසල අයිතිකරුවන් පාරිභෝගිකයාට සලකන විදියද මේ.
මම මේ ගැන මාතර පොලීසියට පැමිණිලි කළා. තවත් කෙනෙකුට මෙවැනි අසාධාරණයක් නොවෙන්නයි මට ඕන." ඒ අනුව දෙපාර්ශ්ව යම මාතර පොලීසියට කැඳවූ බවත් අදාළ වෙළඳසැලේ හිමිකරුට පාරිභෝගිකයාට සැලකිය යුතු අන්දම කියා දී අවවාද කළ බවත් පසුව ඔහු පැමිණිලිකරුගෙන් ලබාගත් සම්පුර්ණ මුදල ගෙවා දැමූ බවත් මාතර පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය. මාතර මහානාම පාලම අසල නිමි ඇඳුම් හා පාවහන් විකිනීමේ ව්‍යාපාරයක් බදු පදනම යටතේ පවත්වාගෙන යන වෙළෙඳසලේ හිමිකරුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන පැමිණිල්ල සමථයට පත් කළ බවද ඔහු වැඩිදුරටත් කීය.
-ක්‍රිෂාන් ජීවක ජයරුක්-
0 Comments