මාවනැල්ල ප්‍රදේශයේදි රුපියල් 4,200,000/= ක් වටිනා NC - CAS 9729 දරණ සුදු පැහැති වැගන් ආර් වර්ගයේ  රථයක් හා ජංගම දුරකථන 04 ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු සොයාගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා තිබේ.




දෙහිවල  පදිංචි කුලී රථ රියදුරු මාවනැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලෙන් දැක්වෙන්නේ පසුගිය 02 වන දින උදෑසන කාලයේදී මාවනැල්ල පොලිස් වසමේ වලකඩයාය ප්‍රදේශයේදී තමාව කොල්ලකන ලද බවයි.
 ඔහුගේ දුරකථන අංකයට පුද්ගලයකු විසින් කුලී රථ ගමනක් යාම සඳහා 30 වන දින සවස් කාලයේ ඇමතුමක් ලබා ගෙන ඇත. ඉන්පසු එම පුද්ගලයා  කටුනායක අධිවේගී මාර්ගය අසලින් තම කුලී රථයට නංවා ගෙන මහනුවර ප්‍රදේශයට පදවන්න දැන්වූ නිසා එහි ගොස් ඇත.
අනතුරුව කුලී රථ රියදුරුට මගියා අවස්ථා 2 කදී තේ පැන් හා ආහාර ද්‍රව්‍ය ලබා දී ඇති අතර නැවත මහනුවර සිට කොළඹට පැමිණිමේදී රියදුරුට වමනය හා මත් ගතිය ඇතිවීම හේතුවෙන් මගියා පවසා ඇත්තේ තමන් වාහනය පදවාගෙන යාමට කැමති බවයි. පසුව මාවනැල්ල නගරය පසු කර මලකඩයාය ප්‍රදේශයේ ලැඟුම්හලක පැමිණිලිකරු නවතා ඇති මගියා රථය හා ජංගම දුරකථන 04 රැගෙන පලා ගොස් ඇත.


මෙම සැකකරු සම්බන්ධයෙන් CCTV දර්ශන වලින් ලබා ගත් ඡායාරූප පොලිසිය ප්‍රසිද්ධ කර තිබේ.
මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස මාවනැල්ල පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ස්ථානාධිපති මාවනැල්ල 071- 8591418  මාවනැල්ල පොලිසිය 035 - 2247622