එංගලන්තයේ පළවන ‘ඩේලිමේල්‘ පුවත්පත් හා වෙබ් මාධ්‍ය ජාලාවට එරෙහි පෞද්ගලිකත්වය ආක්‍රමණ චෝදනා යටතේ පැවරූ නඩුවකින් බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකා මෙගන් මාර්කල් අද (3) දින ජයග්‍රහණය කර තිබේ.
මෙගන්ගේ පියා වූ තෝමස් මාක්ල් මහතා රාජකීය විවාහ මංගල්‍යයට නොපැමිණීමට හේතු බරපතල ලෙස වැරදි ලෙස නිරූපණය කරමින් පළ කළ ලිපියකට මෙම නීති ක්‍රියාමාර්ගය ගනු ලැබිණි.
දිගු කලක්තිස්සේ මෙම නඩුව විභාගයට ගනිමින් පැවතිණි.
සීමාසහිත ඇසෝසියේටඩ් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ANL) අභියාචනය, විනිසුරුවරයෙකු විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, අද ඩේලි මේල්, ද මේල් ඔන් සන්ඩේ සහ මේල් ඔන්ලයින් ප්‍රකාශකයන්ට එරෙහිව ඇයගේ දිගුකාලීන නීතිමය ක්‍රියාමාර්ගයෙන් අවසාන ජයග්‍රහණයක් ලබා ගත්තාය.
"මෙය මට පමණක් නොව, හරි දේ වෙනුවෙන් පෙනී සිටීමට බියක් ඇති ඕනෑම කෙනෙකුට ජයග්‍රහණයකි," ඇය පැවසුවාය.
“අභියාචනාධිකරණයේ තීන්දුව පිළිබඳව අපි දැඩි කලකිරීමකට පත්වෙනවා. ලේඛන හෙළිදරව් කිරීමට පෙර නඩු විභාගයේදී පරීක්ෂා කරන ලද සාක්ෂි මත පමණක් විනිශ්චය ලබා දිය යුතු නමුත් දැඩි ලෙස විවාදාත්මක නඩුවක සාරාංශ පදනමක් මත විනිශ්චය ලබාදී ඇත.”
සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
හැරී සමඟ විවාහයෙන් ටික කලකට පසු ඇය තම පියාට යවන ලද “ගැඹුරු පුද්ගලික” අතින් ලියන ලද ලිපියක පුළුල් කොටස් ANL විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මේගන් පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම සහ ඇගේ ප්‍රකාශන හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ANL ට නඩු පවරා තිබුණි.
(ඩේලි බීස්ට් ඇසුරිනි - Gossiplankanews.com)
0 Comments