කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවසරපත් නිකුත් කරන ලෙස පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසීය.
සෞඛ්‍ය මාර්ගඋපදේශවලට අනුව සංවිධානය කළ යුතු මෙම සංගීත ප්‍රසංග සදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනවල රාත්‍රී 10.00 දක්වා ද, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 දක්වා ද, ඉරිදා දිනයේ රාත්‍රී 12. 30 දක්වා ද, එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්විය හැකි බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval