නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් තිස් දහසකට අධික පිරිසකට පානීය ජලය සපයන මාතලේ - නාඋල, නාලන්ද ජලාශයේ මසුන් මිය යමින් සිටින බව ප්‍රදේශවාසීහු කියති.ඊයේ (26දා) නාලන්ද ජලාශ පරිශ්‍රයේ මසුන් මිය යන ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණයන්ට අනුව ජලාශයෙන් පානීය ජලය ලබා ගත්තා පොම්පාගාරය ආසන්නයේ කුඩා මසුන් සුඵ වශයෙන් මිග ගිය අයුරු දක්නට ලැබී ඇති අතර,
ඊට මද දුරකින් පිහිටි තොටුපොළ සහ අවට පිහිටි ලාශයේ අවට ප්‍රදේශයේ මීයගිය හා මිය යමින් සිටින මසුන් දක්නට ලැබී තිබේ.එම අවස්ථාවේ මාධ්‍යයට අදහස් දැක්වූ ජලාශය අවට පදිංචිකරුවන් කිහිපදෙනෙකු කියා සිටියේ දින කිහිපයකට ඉහත දී මියගිය මසුන්ජලාශ ඉවුරට ගසාගෙන පැමිණි බවයි. මෙසේ මියගොස් ජලාශ ඉවුරට පැමිණින මසුන් කටු පෙතියන් ලෙස හදුන්වන බව ද ගම්වාසීහු කියා සිටියහ. එමෙන්ම මියයන මසුන් ජලාශයේ රැදී සිටින කුරුල්ලන් විසින් ආහාරයට නොගන්නා බවත්
පණ ඇති මසුන් පමණක් ඔවුන් ආහාරයට ගන්නා බවත් ගම්වාසීහු කියා සිටියහ.
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නාඋල කාර්යාලයෙන් මේ පිළිබද සිදු කළ විමසීමක දී එහි ප්‍රකාශිකාවක මෙසේ පවසා සිටියාය. "නාලන්ද ජලාශයෙන් දැනට ලබා ගන්නා ජලය බීමට සුදුසු තත්වයේ පවතිනවා. මියයන මසුන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයේ අඩුවීමක් මේ සදහා බලපා ඇති බවට සැක පළ කරනවා. ජනතාවට ලබාදෙනලය ලබා ගන්නා පොම්පාගාරවල ජලය නිරන්තරව පරික්ෂාවට ලක් කරනවා. කෙසේ වෙතත් පවත්නා තත්වය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂාවක් සිදු කරනවා.”
(නාවල -ඉන්දික අරුණ කුමාර)
0 Comments