nipuni-death-revealed

පසුගියදා රටේ කම්පනයක් ඇති කරමින් 14 හැවිරිදි දැරියක සිය බාප්පාගේ හා පියාගේ හිංසනයන් නිසා අකාලයේ මිය ගොස් තිබුණි. මෙම මරණයට හේතුව පැහැදිලි ලෙස මුලදී හඳුනාගත්තේ නැත. නමුත් එම සංසිද්ධිය ගැන සිදු කර ඇති පරීක්ෂණ අනුව එහි මුල දැන් අනාවරණයවී ඇත.
තාත්තයි බාප්පයි දෙන්නම නංගිට ගැහුවා. ඉස්පිරිතාලෙට ගෙනියන්නවත් දුන්නෙ නෑ. ඒ හින්ද තමයි නංගි මැරුණේ... උඩුදෙනිය වෙදරාලලාගේ ගෙදර නිපුනි නුවන්තිකා බණ්ඩාර තවම දගකාර කෙලිලොල් වියේ පසුවන දාහතර හැවිරිදි දැරියකි. ඇය පදිංචිව සිටියේ ගම්පොල ,මවුන්ට්ටෙම්පල් ජනපදය ප්‍රදේශයේ නා234/එ ලිපිනයේය.  අම්මා තාත්තාත් හැරුණුකොට දහඅට හැවිරිදි අක්කාත් එකලොස් හැවිරිදි හා අට හැවිරිදි නංගිලා දෙදෙනාටත් මැදිව නිපුනි හැදී වැඩුණේ ජීවිතයේ කිසිදු බරපතලක්  හඳුනා නොගෙනය. ඇය ගම්පොල ශන්තජෝශප් බාලිකා විද්‍යාලයේ නමය වසර පංතියේ ඉගෙනුම ලබමින් සිටියේ අක්කා මෙන් අතරමග ඉගෙනීම කඩාකප්පල්කර නොගන්නා බවට තරයේ අදටන් කරගෙනය.


ඒ සිය පියා අධ්‍යාපනය ලබා ඇත්තේ හතරේ පංතිය දක්වා පමණක් වුවත් ඔහුගේ දරුවකු වන  තමාද එ තත්වයට වැටීම සිදු නොවියයුතු නිසාය. පියා කුලී වැඩකරමින් තම පවුල රැකීමට දහදුක් විඳින්නේ ඉහළට ඉගෙන නොගත් වරදින් බව නිපුනිගේ පුංචි හිතට වැටහී තිබුණේ අද ඊයේ සිට නාවේ.පොත්පත්, ඇදුම්පැළඳුම් මිළදී ගැනීමට අවශ්‍ය මුදලබාදීමට නොහැකිව පියා ලතවූ අවස්ථා අනන්තව තිබු බැවිණී.  රැකියාවක් නොකළ මවටද එවැනි මොහොතක නැහඩවීම හැර වෙනකළ හැකි දෙයක් නොතිබුණි.දින දින උස්මහත් වූ නිපුනිකා යෞවන වයසට එලැඹෙමින් සිටියේ සුන්දර රූසපුවකටද හිමිකම් කියන අතරය.  නිපුනිගේ පියාගේ පියා එනම් සීයලාගේ පදිංචිය ගම්පොල,අංගම්මන ප්‍රදේශයය.ඒ නීපුනීලාගේම නිවසේ සිට කිලෝ මීටර එකොළහක් පමණ දුරින්, සීයා ආච්චි සමග මහගෙදර සිටියේ බාප්පාය. බාප්පාට සිටියේ එකදියණියක් පමණි. පියා මෙන්ම හයේ පංතියෙන් පාසල් ගමනට සමුදුන් බාප්පාද රැකියාව ලෙස තෝරා ගත්තේ කුලීවැඩය. මේ නිසා පවුලේ අගහිගකම්වලට පිලියම් සෙවීමට කුඩම්මා රටගියේ අසනීප තත්වයෙන් පසුවන ආච්චිගේ බර ද පියා මත පටවමිනි.



 
බාප්පාගේ දුව නිපුනි වයසේ වුවත් ඇයට වඩා මාස කීපයකින් වැඩිමහල්ය. පසුගියදා අංගම්මන  සිට නිපුනිලාගේ නිවසට පැමිණි බාප්පා ආපසු ගියේ නිපුනි දියණීයද කැටුවය.ඒ අක්කාගේ තනියට ටික දිනක් එහි නතරවන ලෙසට ඉල්ලීමක් ද කරමිනි. බාප්පාගේ යෝජනවාට එකපයින් කැමැති වූ දැරිය එහි ගියේ අක්කා සමග පාඩම් කිරීමට වුවත් අපහසු නොවන නිසාය.  දුටුවන් චශිවන සුන්දරත්වයකට හිමිකමක් කී නිපුනි දෙස අංගේමන ගමේ කොලුගැටයෙක් බැල්ම හෙලා ඇති බව පසුගිය 19 වැනිදා බාප්පා දැනගන්නේ අසල්වැසියකු දුවගෙනවිත් කාණේ තැබු කෙලමක් හේතුවෙනි. ඒ දැරිවියන් දෙදෙනා  හොර රහසේ පාරට ගොස් කොල්ලෙක් සමග කතා කරමින් සිටිබවටය. බාප්පාට යකා ආරුඩ වූයේ මේ පුවතට තටු ලැබුණොත් සිදුවන විනාශය ගැන මෙනෙහිවන විටය.

මෙහාට වරෙන්. මෙහාට වරෙන්. උඹ මෙහෙ ආවේ කොල්ලොත් එක්ක නාඩගං නටන්නද.. එහෙම නැත්තං අක්ක එක්ක පාඩම් කරන්නද?,  රිප්ප පටියක් අතට ගත් බාප්පා නිපුනිට පහර දුන්නේ ගැහැණු ළමයෙක් නොකළයුතු දෙයක් සිදු කිරීමේ වරද නිවැරදි කිරීමට විය යුතුය. තොට වටිනවද මේවට උල්පන්දම්  අල්ලන්න, මේකීව පාරට එක්කගෙන ගියෙ මොකටද තෝ.  ඔහු තම දියණියටද පහර දුන්නේ මේ  සිද්ධියට උඩගෙඩි දුන්නේ තම දියණිය වන නිසාය. 'තවත් මෙහෙ තියාගත්තොත් මටයි දොස් අහන්න වෙන්නෙ.මහ එකාට එන්න කියලා දැන්ම පිටත්කරලා දානවා.. බාප්පා,මවුන්ට්ටෙම්පල් ජනපදයට පණිවුඩයක් දුන්නේ ඒ  අනුවය. පසුගිය 19 වැනිදා පියා සමග නිපුනි ආපසු බාප්පලාට සමුදී පිටත් වූයේ නොඑන ගමනක් බව කිසිවකුත් දැන සිටියේ නැත. නිවෙසට පැමිණි මොහොතේ සිට දැරිය හැසිරුණේ රෝගී තත්වයෙන් වූවත් නිවැසියන් එය එතරම් ගණන් නොගත්තේ සිද්ධියෙන් ඇගේ හිතරිදී ඇති  බව සිතා වියයුතුය. කෙසේ වුවත් ඇය පසු දින එනම් 20 වැනිදින බඩේ කැක්කුම හා ඔළුවේ කැක්කුමක් ඇති බව පවසමින් සිටියත් ඔවුන් ඇය රෝහල කරා රැගෙන යැමට කටයුතු කර නොතිබිණ.


"මේකි කැලේ ගිහිල්ලා තනි කංදොසයක් හැදිලද කොහෙද.

 මෙසේ පැවසු පියා අසල්වැසි දේවාලයක කාන්තාවකට කියා තෙල් මතුරාගෙන පැමිණ දැරියගේ හිසේ  ගල්වන්නේ එවැනි දෝසවලට කළ යුතු එකම පිළියම එය වන බැවිනි. තෙල් සාන්තුවෙන් සුවය ලැබෙනතුරු බලා සිටියදී  ක්‍රමයෙන් දවස ගෙවීගිය අතර නින්දට වැටුණදැරිය  21දිනට පහන් වෙන අළුයම් කාලයේ කැගසන්නට පටන් ගත්තේ නිදා සිටි නිවැසියන් බියට පත් කරමිනි.  මේකිට මොකා ගහලද.නිදාගන්නවත් දෙනනැනේ .. නිදිමරගාතේ පැනගෙන ආ පියා ඇයට පහර දුන්නේ තමන්ගේ නින්ද කඩා කළ බාධාවට වන්දි වශයෙන් විය යුතුය, ඉන්පසුව ඔහු නැවතත්  දේවාලය කරා ගියේ දෝසය තවම දැරියගේ ඇගේ ඇති බව පවසමිනි.


'එහෙනං ඕකට තෙල්මතුරල හරියන්නෙ නැ. අපි දෙහි ටිකකුයි බිත්තර ටිකකුයි කපල බලමු.රෑ වෙලා එන්න වෙයි ඒකට.  දෙවොලේ දෙව්දුව පැවසු වදන් හිතේ  රඳවා ගෙන   ඔහු රැකියාවට පිටත්ව ගියේ බිරියට ඒ බවක් නොපවසාය.

යාගය සිදුකරන්නේ රාත්‍රියට වන  නිසාය. එහෙත් දහවල් එක පමණ වන විට දැරියගේ රෝගී තත්වය එන්න එන්නම බරපතල වූයේ ඔවුන්ට නොදැනීමය.දැරිය රෝහලට රැගෙන යා යුතු බව මේ මෝඩ මවට වැටහෙන්නේ එවිටය, එහෙත් අවාසනාව ඒවන විටත් ඔවුන් කරා  පැමිණෙමින් තිබුනේ වෙස්වලාගෙනය. ගම්පොල රෝහලට රැගෙන යන විටත් නිපුනී සදහටම දෙනෙත් පියා ගත්තේ තාත්තාත් බාප්පාත් තමන්ගේ මරණයට වගඋත්තරකරුවන් බවට පත් කරමිනි. ඒ විසිඑක්වැනිද හවස දෙකට පමණය.  අවුරුදුදාහතරක ළමයෙක් ගෙනාවා. ගේන කොටත් ළමයා මැරිල. අම්මයි දුවලයි කියනවා තාත්තයි බාප්පයි ගැහුවා.ඒහින්ද තමයි මැරිල තියන්නේ කියලා..  ගම්පොල රෝහලෙන් පොලිසියට දැනුම් දෙන්නේ පියාත් බාප්පාත් පහරදීම නීසා දැරිය මිය ගිය බවට නිවැසියන්ට පවසන බවය.දරුවා  රෝහලට රැගෙන යැමට ඉඩ නුදුන් බවද ඔවුන් වැඩි  දුරටත් පවසා සිටියේ කාගේත් මුවින් අනේ  අපොයි යන වදන් පිටකිරීමට අනුබල ලබා දෙමිනි.  දැරියගේ ශරීරයේ බාහිරින් තුවාල කිසිවක් පෙනෙන්නට නොතිබූ අතර බාප්පා පැවසුවේ රිප්ප පටියකින් කකුලට පහර දෙකක් ගැසූ බවය.


පාරට ගිහිල්ලා කොල්ලො එක්ක කතා කළා  කියල තාත්ත මගේ කකුල්දෙකටත් ගැහුවා. නංගිගේ කකුල් දෙකටත් ගැහුවා.  පහරදීම ගැන බාප්පාගේ දියණිය පවසන්නේ එවැන්නකි. ඔහු පහරදීම සිදුකර ඇත්තේ කුඩාරීප්ප පටියකිනි.  දියණීය විසින් තමගේ නින්ද කැඩු බවට චෝදනා කරමින් පියා විසින් පහරදී ඇත්තේ කෝටුවකිනි. පහරදීමෙන් අනතුරුව දියණියව නිවසෙන් එළියට දැමු පියා ටිකවේලාවකින් නැවත ඇයව ගෙට ගෙන තිබෙන බවද මෙහිදී අණාවරනයවී  තිබේ.කෙසේ වූවත් ඇයට මාරාන්තීක පහරදීමක් සිදු කර නොමැති බව පොලිසියේ අදහස වුවත් ඇගේ මරණයට හේතුව නිශ්චිතවම අණාවරනය කරගත  හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවය.  මින්පෙර කිසිදු රෝගීතත්වයකින් නොපෙලන දියණීය මෙලස අකාලයේ මිලන වූයේ කාගේ වරදින්ද.පිරිමි ළමයකු සමග කතාකළ පමණින් එය ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් බරපතල වරදක්දැයි දන්නේ කවුරුන්ද?

මෙම සිද්ධියෙ පසුව ඇය යම්කිසි අසමාන්‍ය රෝග ලක්ෂණ පෙන්වූවානම්  ඇයව වෙද්‍යවරයකු වෙත රැගෙන යැමට තරම් දැනුමක් වැඩිහිටියන්ට නොතීබීම ඉතා කණගාටුදායකය.


වෛද්‍ය විද්‍යාව මෙතරම් දීයුණු තත්වයක තිබෙන මොහොතක විස්මිත සැත්කම සිදුකරමින් දෙවිවරු ව වෛද්‍යවරු එළොව සිටින ජීවිත පවා මොලොවට රැගෙනවිත් සමාජයට දායාද කරන  යුගයක මිත්‍යමතවල එල්බගෙන ඇදුර කරා දුවමින් අහිංසක ජීවිතය විනාශ වීමට ඉඩ හැරීම කොතරම් අනුවන ක්‍රියාවක් දැයි මේ වනවිට ඔවුන්ට වැටහී ඇතුවාට සැක නැත.එහෙත් දැන් ඔවුන්   කොතරම් ප්‍රමාදදැයි ගණනය කිරීමෙ ප්‍රතිඵලයක් නොමැත. රෝගියෙකුගේ පණ පොදට එක තත්පරයත් කල්පයක් පමණ දිගුවන්නේ එහෙයිනි.  සුන්දර ළමාවිය ගෙවමින් භද්‍ර යෞවනයට පියවර තබමින් සිටි රුවැත්ති යම්කිසිවකු නොසිතු නොපැතු මෙහොතක සියල්ල හැරදා සදාකාලික නින්දකට වැටුනේ ගම්පොල නගරයම කඳුලින් තෙමා දමමිනි.

විනීතා මානෙල්  ගමගේ