අද (දෙසැම්බර් 07) මධ්‍යම රාත්‍රියේ අනේවාසික විදේශ මුදල් (NRFC) ගිණුම් මුළුමණින් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කරන බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහ බැංකු අධිපතිවරයා පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය නිල ගිණුමේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කළේය.
පසුගියදා නිකුත් කළ නව රෙගුලාසි අනුව නොවැම්බර් මාසයේ සිට අනේවාසික විදේශ මුදල් (NRFC) ගිණුම් වෙත ඩොලර් එවීමේදී ඒවා ඩොලර් ලෙස ලබා ගැනීම නවතා රුපියල් කළ යුතු බවට දන්වා ඇති මුත් ඊට පෙර මුදල් හුවමාරුවලට ඒ නිතීය අදාළ නොවීය.
0 Comments