පාර්ලිමේන්තූව වාරාවසාන කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනු ලැබුවේ යම් අලුත් ගමනක් යම් අරමුණින් දැයි ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර දැඩි කතා බහක් මතුවී තිබේ. ජනාධිපතිවරයා මෙලෙස පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරිම තුළින් පාර්ලිමේන්තු කාරකසභාවල සිටින පිරිස් වෙනස් කිරීමටත් අවශ්‍ය නම් ප්‍රතිපත්ති ප්රකාශනයේ වුවද යම්කිසි වෙනස් කිරීමක් සිදු කිරීමත් අවස්ථාව ලැබෙන නිසා මෙම කතා බහ මතුවී තිබේ. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ කාරක සභාව,
ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක කරකසභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව (කෝප්), රජයේ ගිණුම් පිළිබඳ කාරකසභාව (කෝපා) ඇතුළු අනෙකුත් සියලු කාරක සභාවල කටයුතු අක්‍රීය වන අතර, නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු එම කාරක සභා නැවත පත් කිරීමට සිදුවනු ඇත. මීට අමතරව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්න ඇතුළු පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන සියලු කටයුතු අහෝසි වෙයි. නව පාරිලිමේන්තු වාරය ආරම්භ වියදී එම ප්‍රශ්න නැවත යොමු කිරීමට අවස්ථාන ලැබයි. මෙලෙස පාරිලිමේන්තුව වාර අවසාන කිරීමකදී කථානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කිරීම සහ උසස් නිල තල පිළිබඳ කාරකසහවේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමද සිදුවනු ඇත.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ස්නාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පද (12දා) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුවේ වාර අවසන් කෙරිණි. පාර්ලිමේන්තුවේ මිළඟ වාරය එළඹෙන ජනවාරි 18වැනිදා පෙරවරු 10ට ආරම්භ වන බවද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.
(දිනේෂ් සමරකෝන්)
0 Comments