පුහුණු පියාසර ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට ලක්වීමෙන් කුඩා පයාගල මුහුදු තීරයට ගොඩබැස්වීමට පියවර ගෙන ඇතැයි පයාගල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ඩී.ඒ.එස්. රණවීර මහතා පැවසීය.පෞද්ගලික සමාගමකට අයත් 4 ආර්. සී.එස්.ජේසෙස්නා වර්ගයේ ගුවන් යානයේ පුහුණු ගුවන් නියමුවන් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නැතැයිද හෙතෙම පවසා සිටියේය.අදාළ යානය රත්මලාන සිට කොග්ගල දක්වා පියාසර කරමින් තිබී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ගුවන් හමුදාවේ ගිනි නිවීමේ රථ සහ ආපදා සහන කණ්ඩායම් එම ස්ථානයට පැමිණ තිබිණි. මෙය දැක බලා ගැනීමට විශාල පිරිසක් මෙය දැක බලා ගැනීමට විශාල පිරිසක් එම ස්ථානයට එක්රොක් වන්නට වූයෙන් ඔවුන් හැසිරවීමට දැඩි වෙහෙසක් දැමට පයාගල පොලීසියට සිදු විය. සැහැල්ලු ගුවන් යානාව හදිසියේ ගොඩ බැස්ස වීමත් සමග නිලධාරීකුගේ ප්‍රධානත්වයෙන් ගුවන් භටයින් දස දෙනෙකුගෙන් සමන්විත ආපදා සහන කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර හැරී බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගණකපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
කාර්මික දෝෂයට ලක්වූ එම ගුවන් යානය එම ස්ථානයේදී අලුත්වැඩියා කිරීමේ හැකියාව පිළිබඳව පෞද්ගලික සමාගම විසින් පියවර ගනු ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. කාර්මික දෝෂයට ලක්වූ සැහැල්ලු ගුවන් යානයේ පුහුණු වන ගුවන් නියමුවන් ලෙස සිටි බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි රනිදු ඔෂාන් කුබුලාකර (20) සහ කොහුවල වික්‍රමරත්න මාවත ප්‍රදේශයේ පදිංචි ශිහාන් සඳරුවන් බණ්ඩාර (24) යන දෙදෙනා සිද්ධිය පිළිබඳ විස්තර කරමින් මෙසේ පවසා තිබේ.
එය වනවිට අපි හිටියේ අඩි 1500ක් පමණ ඉහළ, විකම අඩි 1000 දක්වා පහළට බැස්සුව පවතින දෝෂ සහිත තත්ත්වය පිළිබඳ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරට දැනුම් දුන්නා. ඔවුන් කීවා එන්න කියලා. අපි කිව්වා එන්න බෑ කියලා මුහුදු වෙරළට බස්සන්නම් කියලා ඔවුන්ගේ උපදෙස් අනුව අපි මුහුදු වෙරළට ගුවන්යානාව බැස්සුවා.” "අපි රත්මලානෙන් ගුවන්ගත වුණේ හටම දහවල් 1.05 ට පමණ. හර්යටම දහවල් එකයි තිහට පමණ ගුවන් යානාවේ ඇන්ජිමේ වේගය ඒකපාරටම අඩු වුණා. අපි බැලුවා වැඩි කරන්න. නමුත් බැරි වුණා.
(බන්ඩාරගම - බිමල් ශ්‍යමන් ජයසිංහ)
0 Comments