පිටකොටුව මේන් ස්ට්‍රීට්හි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු නීතිවිරෝධී ලෙස නතරකර තිබූ යතුරු පැදියක් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට සූදානම්වූ අවස්ථාවේ යතුරුපැදිකරු පොලිස් රාළහමිගෙන් බේරීමට යතුරුපැදිය පණගන්වා පළායන්නට උත්සාහ දරා ඇති අතර එසේ පළායාම වැළැක්වීමට රාළහාමි ඔහුගේ රථයේ එල්ලී තිබේ.
රථවාහන කොට්ඨාස පොලිස් නිලධාරියා එල්ලී සිටියදීත් ඔහු ඇදගෙන සැකකරු දිගටම රථය පදවන්නේය.
මීටර් හැත්තෑවක් පමණ දුර ගිය පසු යතුරුපැදිය තවත් ත්‍රීරෝද රථයක ගැටී පෙරළී යාමෙන් නවතින අතර එම අවස්ථාවේ පාරේ ඇදීයාම නිසා රාළහාමිගේ පාද හා අත් තුවාලවී ඇත.
කෙසේ වෙතත් තමන් ඇදගෙන යද්දීත් රාජකාරිය අත්නොහළ පොලිස් නිලධාරියාට අවසානයේ සැකකරු අල්ලාගන්නට හැකි විය.
බරපතළ තුවාල සිදු වී ඇති පොලිස් නිලධාරියා ප්‍රතිකාර ලබන්නට රෝහල්ගතවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු සිදුකරන බව පොලිසිය දන්වා තිබේ.
සිදුවීමේ සීසීටීවී දර්ශන පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval