political-predictiondecember

මෙවර ‘තරුව‘ ජ්‍යොතිෂ්‍ය පුවත්පතේ පළවී ඇති ලිපියකින් රට කළඹන දේශපාලන රහසක් එළැඹෙන සතියේ එළියට එන බව අනාවැකියක් පළ කර තිබෙයි.
ජ්‍යොතිෂ විශාරද ඇම්.පී. ගුණේරිස් විසින් මෙම අනාවැකිය ගැන ලියා තිබෙන අතර ග්‍රහ ලොව මාතාව වන සඳු ග්‍රහ තාරකාව දෙසැම්බර් 16 වැනි දින සස 2.22ට සිකුරු හිමි වෘෂභ රාශියට පිවිස උච්ච වීමත් සමග ඉතා බල සම්පන්න යෝග පොකුරක් කුම්භ ලන්න ලංකා කේන්දරයේ උදා වන බව එහි සඳහන්වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙතෙක් කවුරුවත් නොදැන සිටි, සුවිශේෂ හෙළිදරව්වක් විශ්ව විද්‍යාල, දේශපාලන, කෘෂිකාර්මික, වෙද, භූ විද්‍යා හෝ වෙනත් කුමන හෝ ක්ෂෙත්‍රයකින් කරළියට පිවිසීමේ ඉඩකඩක් පින බව දන්වා ඇත. ප්‍රධාන වශයෙන් දේශපාලනයට සම්බන්ධ රහස් කරළියට පිවිසීම මේ ආශ්‍රිතව සිදුවිය හැකි බවද දන්වා තිබේ.



සඳු සිතට අධිපති ආලෝක ග්‍රහයෙකි. සඳු උච්ච වන විට නයි පෙණධාරී විෂ කාරක රාහු ද වෘෂභ රාශියේ උච්චය. ඒ අනුව පර්යේෂණ කටයුතුවලින් හා ගවේෂණ කටයුතුවලින් නිසි ඵල ලැබෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සැගවුණු දේවල් කරළියට ගෙන ඒමට රාහු සඳුට උපකාර වෙයි. එවැනි සැගවුණු රහස් තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමට රාහු උත්සාහ කරයි.
දෙසැම්බර් 16 වැනි දින කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ ලග්න භාවයේ ගුරුය. 4 වැන්නේ සඳු හා රාහුය. 10 වැන්නේ කුජ හා කේතුය. 11 වැන්නේ රවි හා බුධය. 12 වැන්නේ සිකුරු හා ශනිය. ලංකා කේන්දරයේ යස යෝගය ද, රුචක යෝගය ද ගජකේෂරී යෝගය ද, බුධ ආදිත්‍ය යෝගය ද
 වොෂී යෝගය ද, භූපාල යෝගය ද උදාව පැවතීම විශ්ව ශක්තිය බලවත් වීමට හේතු වෙයි.

එය යහපත් පුද්ගලයින්ට යහපත උදා කර දීමට හේතු වෙයි. ඔවුන්ට දෙවියන්ගේ ආරක්ෂෂාව ලැබේ.
2022 ජනවාරි 16 වැනි දි සවස 4.30 දක්වා කාලය සමහ ප්‍රබල චරිතවලට අභියෝග රැසක මුහුණ දීමට සිදුවිය හැකි කාලය බවට පත් වෙයි. ඉදිරි කාලය තුළ
දේශපාලන සුළි කුණාටු විටින් වූ නිර්මාණය විය හැක. විශේෂයෙන් මත්කුඩු තොග ද ඒවාට සම්බන්ධ පුද්ගලයන් ද නීතියේ රැහැනට කොටු වීමට හැකි බව ජ්‍යොතිෂ අනුව ප්‍රකාශ කිරීමට පුළුවන.

යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ.