ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ගොස් ඊයේ අඟහරුවාදා රාත්රී ලංකාවට ආවේය. ඊට පෙර සදුදා පැවැති ජනාධිපති සහභාගී නොවුණු කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරුන් රැසක්ම ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කරන ලෙස අදහස් ප්රකාශ කොට තිබේ.
ඒ වනවිට ජනාධිපතිවරයා විදෙස්ගතව සිටීම හේතුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් මෙම කැබිනට් රැස්වීම පැවති අතර මීට පෙර ජනාධිපතිවරයා සහභාගීව සිටි කිසිදු කැබිනට් මණ්ඩල රැස්වීමකදී කිසිදු ඇමැතිවරයෙක් ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා සම්බන්ධයෙන් වචනයක්වත් කතා නොකළත් මෙදින තත්වය වෙනස් විය.
අගමැති මහින්ද , පී.බී. ජයසුන්දර මහතා සමග එතරම් ඇයිහොදැයියක් නොමැති බව දන්නා ඇමැතිවරුන් රැසක්ම ජනාධිපතිවරයා නොමැති අවස්ථාවේදී පී.බී ජයසුන්දර මහතා සම්බන්ධයෙන් විවිධ කරුණු ගෙනහැරපාමින් පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බව දැනගන්නට ලැබේ. මින් ඉහත කැබිනට් රැස්වීම් වලදී ජනපති ගෝඨාභය සමග පීබී ගැන කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ නැත.
නමුත් ඔහු අස්කර වෙනත් කෙනෙකු පත් කළ යුතු බවත් පසුගිය දිනවල ආණ්ඩුව විවේචනය වූ සියලු තීන්දු පසුපස සිටියේ මුදල් ඇමති ජනපති හෝ අගමැති නොව පීබී බවත් ඔහු හිතුමනාපයට ගන්නා තීරණ නිසා සියල්ලන් අමාරුවේ වැටී ඇති බවත් පෙන්වාදී තිබේ.
මේ හේතුවෙන් ළඟදීම පීබී වෙනුවට අනුර දිසානායක මහතා (JVP අනුර නොවේ)ජනපති ලේකම් කිරීමේ සුදානමක් ගැනද දේශපාලන ආරංචි පැතිරිණි.
0 Comments