port-issue

ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් වරායේ හිරවී තිබෙන අතවශ්‍ය ආහාර කන්ටේනර් සම්බන්ධයෙන් ආනයනකරුවන් සහ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ අමාත්‍යංශයේදී ඊයේ (26) රාත්‍රී පැවැත්වීමට නියමිතව තිබිණි.  

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීම නිසා එම සාකච්ඡාව පැවැත්වීමට තීරණය විය. කටේනර් නිදහස් කරගැනීමට ඩොලර් නිදහස් කරන ලෙස මහ බැංකුවෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට නැවත ඒ සඳහා මැදිහත් වන ලෙස උපදෙස් දී ඇති බවද වාර්තා වේ.


වෙළෙඳ අමාත්‍යවරයා මහ බැංකු අධිපතිවරයාට දුරකථනයෙන් කථා කර ඩොලර් නිදහස් කරන ලෙස කළ ඉල්ලීමට අනුව ඩොලර් නිදහස් කිරීමට පොරොන්දු වුවද එය ඉටුනොවූ බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කටේනර් 1000 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට වරායේ හිරවී තිබෙන  බවද ආනයනකරුවෝ පවසති.

  එම ආහාර ඇතුළත් කන්ටේනර් ඉදිරි දින කීපයේදී නිදහස් කරගැනීමට නොහැකිව වුවහොත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයක් ඇති වී මිල තව දුරටත් ඉහළ යෑමේ අවදානමක් ඇති බවද ආනයනකරුවෝ කියති.


 -යොහාන් භාසුර-