power-cut-electric

මේ වනවිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වී ඇති ලංකා විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරු සංගමය දන්වා ඇත්තේ විදුලි බිඳ වැටීම හා තම සංගමයේ විරෝධතාව අතර සම්බන්ධයක් නැති බවයි.




 මේ වන විට සමස්ත දිවයිනේ ම සිදුව ඇති විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඉංජිනේරු සංගමයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ, එය හැකි වහා ම යථාවත් කිරීමට මේ වන විට ක්‍රියාත්මක වන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා ක්‍රියාමාර්ගයද අමතක කර තම පිරිස කටයුතු කරන බවයි.
මේ අතර ඔවුන් පවසන්නේ අලුතින් පත් කරන ලද විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයාට සහයෝගය දීමෙන් වැළකී සිටින බවයි.


 අද දහවල් 12 සිට විදුලි සාමාන්‍යාධිකාරීවරයා ලබා දෙන නියෝග හෝ උපදෙස් කිසිවක් තම සංගමයේ සාමාජිකයින් විසින් නො පිළිගන්නා බවද ඔවුන් දන්වා ඇත.
විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා සිදු කර ඇති අත්තනෝමතික ස්ථාන මාරු සහ විදුලිබල මණ්ඩල පනත උල්ලංඝනය කෙරෙන පරිදි සිදු කර ඇති උපදෙස් සහ නියෝග මත ඔහුට විරෝධය පළ කරන බව සංගමය දන්වා ඇත.