power-cut-protest

දැනුම්දීමකින් තොරව හිටි හැටියේම කරන ලද විදුලි කප්පාදුවට එරෙහිව පන්දම් දල්වා විරෝධතාවක් පෙරේදා (05දා) රාත්‍රියේ බළපිටිය මහ පාලම මතදී පැවැත්විණි.  බළපිටිය හා ඒ අවට නගරවල සිවිල් ක්‍රියාකාරින් පිරිසක් මේ විරෝධතාව සංවිධානය කළහ. 

කිසිදු දැනුම්දීමකින් තොරව හිටි හැටියේම කරන විදුලි කප්පාදුවෙන් තමන් ඇතුළු රටේ සමස්ත ජනතාව වැටී  ඇත්තේ ඉතා අසරණ තත්වයකට බව මේ විරෝධතාවට එක්වූ පිරිස පවසා සිටියහ.  මේ විරෝධතාවේ කිසිදු දේශපාලනික  පටු අරමුණක් නොමැති බව පැවසූ ඔවුහු  දැනුම්දීමකින් තොරව මෑතක සිට රට අදුරේ තැබීමට එරෙහිව සමස්ත ජනතාව වෙනුවෙන්ම විරෝධතාව සංවිධානය කළ බව සඳහන් කළහ.


විදුලිය කැපීමට එරෙහිව රජයට ගතු කියමින් ඔවුහු පන්දම් දල්වාගෙන පැයක් පමණ විරෝධතාවේ තියදී සිට විසිර ගියහ.   මේ අවස්ථාවට සමගි ජන බලවේග පක්ෂයේ බළපිටිය ආසන සංවිධායක නීතීඥ කමල් ජයන්ත, බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන එම්.ඩබ්ලිව්. සෙනරත්, පවරසිරි ද සොයිසා, ඔෂිලා ද සොයිසා හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උෂාන්ත මෙන්ඩිස්, ඥානපාල ද සිල්වා යන මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.


 -එම්.සුසිල් ප්‍රියන්ත-