prank-call-gas

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තාවෙද්දී මෙම පිපිරුම් තම පුද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීම වෙනුවෙන් පාවිච්චි කළ හැකිදැයි කල්පනාවූ පාරිභෝගිකයෙකු සිලින්ඩරයක් අතින් වියදම් කර මිලට ගෙන එය තරහාකාරයාගේ නිවසට තෑග්ගක් ලෙස යවා ඇති අතර පසුව එය පුපුරනතුරු නොඉවසිල්ලෙන් සිට එසේ නොවූ නිසා ලිට්‍රො සමාගම අමතා

පිපිරීම ගැන විමසුම් කරන දුරකථන ඇමතුමක් ඇතුළත් වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාද මෙම වීඩියෝව පසුගියදා මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ට අසන්නට සලස්වනු ලැබුවේ සිනාසෙමිනි.
මෙම වීඩියෝව විනෝදයට නිපදවූවක් වුවත් ඇත්තටම ලිට්‍රො සමාගම අමතා ඒ ගැන අසා ඇත.
වීඩියෝව පහතින්
වීඩියෝව - "හෙලෝ හෙලෝ " youtube නාලිකාව
 https://youtu.be/d9QPVG0FeKo