premeo-theft
යුද හමුදා විශේෂ බලකායේ කර්නල්වරයකුගේ බිරිඳට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා ප්‍රිමියෝ වර්ගයේ මෝටර් රථයක් සොරකම් කර උපාංග ගලවා අලෙවි කිරීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (21 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම උපාංග මිලට ගත් පුද්ගලයාය. ඔහුමාලිගාවත්තේ පදිංචි අයෙකි.

මෙම කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර, ඇය වැල්ලවත්ත සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටයි. එම මහල් නිවාස සංකීර්ණයේ රථගාලේ නවතා තිබූ මෙම රථය පසුගිය නොවැම්බර් 20 වැනිදා සොරකම් කර තිබුණි. එම සොරකමට සම්බන්ධ සැකකරුවන් අට දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුට ගෙන තිබුණි.



එලෙස ගලවන ලද ප්‍රිමියෝ රථයේ බොනට්ටුව, දොර හතර සහ පිටුපස රබර් පටිය මෙම සැකකරු විසින් රුපියල් එක්ලක්ෂ හැටදහසකට මිලදීගෙන වෙනත් පුද්ගලයකු වෙත රුපියල් එක් ලක්ෂ අනූ දහසකට විකුණා ඇතැයි හෙලිවී ඇත.

එෆ්.අස්ලම්