ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවසේත් ගෑස් සිලින්ඩර සම්බන්ධ ප්රශ්නයක් මතුවූ බවට ඉරිදා (5)ට පළවන ‘අනිද්දා‘ පුවත්පත සිය වාර්තාවක් මගින් හෙළි කර තිබේ.
එහි මෙසේ සඳහන්වේ.
‘ජනපතිවරයාගේ මිරිහාන නිවසේ භාවිතයට ගැනුණු ගෑස් සිලින්ඩරය කාන්දුවන බව හෝ වෙනත් දෝෂයක් නොවැම්බර් 26 සිකුරාදා හඳුනාගෙන ඇති අතර එම ගෑස් සිලින්ඩරය ලිට්රෝ ගෑස් සමාගමේ ප්රධාන කාර්යාලයට එදින යවා තිබේ. මේ සමගම ලිට්රෝ ලංකා ගෑස් සමාගමේ ප්රධානීන් කලබලයට පත්වී ඇති අතර ජනපතිවරයාගේ නිවස අයත් ප්රදේශයේ ලිට්රෝ නියෝජිතයා මගින් නව ගෑස් සිලින්ඩරයක් ජනපතිවරයාගේ නිවසට යවා තිබේ.
තමන්ගේ කුස්සියටත් දැනුණ නිසා හෝ පාරිභෝගික ප්රශ්නයක් පිළිබඳව ජනපතිවරයා ඇතුළු අනෙකුත් බලධාරීන් මේ ආකාරයට උනන්දුවීම අනෙකුත් පාරිබෝගික හෝ ජනතා ප්රශ්න සම්බන්ධයෙන් සිදුවනවාද යන්න මෙහිදී පැනනගින බරපතලම ප්රශ්නයකි.‘
0 Comments