princess-haya-bint-al-hussein-lover-body-guard

ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ්ගේ හිටපු බිරිය හයා බින්ට් අල් හුසේන් කුමරිය ඊයේ බ්‍රිතාන්‍ය අධිකරණයකදී අති විශාල දික්කසාද වන්දි මුදලක් ලබාගත් පුවත විදෙස් මාධ්‍ය අවුළුවා තිබේ. එහිදී ඇය කියන්නේ තමාට ඩුබායි පාලකයාගෙන් කරදර තිබූ බවත් ජීවිතාරක්ෂාව සඳහා එංගලන්තයට පළා ආ බවත්ය. නමුත් ඇත්ත කතාව වෙනත් එකකි.


හයා බින්ට් අල් හුසේන් කුමරියගේ ‘බොඩි ගාර්ඩ්‘ ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගෙන අතටම හසුවීමෙන් පසු ඩුබායි පාලකයා ඇයව එළවා දමා තිබෙන අතර ඇය දික්කසාදය ඉල්ලන්නේ එයින් පසුවය.


Haya bint Hussein කුමරිය ජෝර්දානයේ හුසේන් රජුගේ සහ ඔහුගේ තුන්වන භාර්යාව වන Alia රැජිනගේ දියණිය වන අතර දෙවන අබ්දුල්ලා රජුගේ අර්ධ සහෝදරියයි. ඇය එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර දක්ෂ අශ්වාරෝහකාවකි. ඇය ඩුබායි හි ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් සමඟ 2004 අප්‍රේල් 10 වැනි දින විවාහ වූවාය. ඇයගේ ආරක්ෂකයා සමඟ ඇති සම්බන්ධය හෙළිවීමෙන් පසු, ෂෙයික් 2019 අප්‍රේල් මාසයේදී ඇයව දික්කසාද කළේය.
ඇය දැනට ඇගේ දරුවන් දෙදෙනා සමඟ එක්සත් රාජධානියේ ජීවත් වේ.
විශ්‍රාමික බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු වන ෆ්ලවර්ස් නමැති බ්‍රිතාන්‍ය ජාතික ශරීර ආරක්ෂකයා කුමරියගේ අනියම් පෙම්වතා බවට 2017- 2019 කාලයේ සිදුවූ සිද්ධීන්  බ්‍රිතාන්‍ය මාධ්‍ය ඉහළින් වාර්තා කර තිබුණි.
මුලින්ම 2017 කාලයේ හයා කුමරිය පිහිනුම් ඇඳුමකින් සැරසී සිටින ඡායාරූප දැකීමෙන් පසු ෆ්ලවර්ස්ගේ බිරිඳ තම සැමියා ගැන සැක පහළ කළ බව වාර්තා විය. ෆ්ලවර්ස් පුද්ගලික පුහුණුකරුවෙකු සමඟ ව්‍යායාම කිරීම ආරම්භ කිරීමෙන් පසු සහ ඔහුගේ වොෂ් බෑගයේ තිබී කොන්ඩම් පැකට්ටුවක් සොයා ගැනීමෙන් පසු ඇගේ සැකය දෙගුණ තෙගුණ වූ බව මූලාශ්‍ර උපුටා දක්වමින් ‘ද සන්‘ පුවත්පත ඒ දිනවල එය වාර්තා කළේය. ෆ්ලවර්ස්ගේ බිරිඳ තම සැමියාගේ අනියම් සම්බන්ධය සොයා ගැනීමෙන් පසු "කලබලයට" පත් වූ අතර 2017 දී ඔවුන්ගේ අවුරුදු 4 ක විවාහය අවසන් කළාය. අවසානයේ ඇය බටහිර ලන්ඩනයේ කෙන්සිංටන් හි පවුම් මිලියන 85 ක නිවසක ජීවත් වන තම දරුවන් දෙදෙනාගේ භාරකාරත්වය දිනා ගත්තාය.


කුමරියගේ සැමියාට අනියම් ඇසුර හෙළිවූයේ ඊට කලකට පසුය. ෂෙයික් මොහොමඩ් ගේ මිතුරෙකු පැවසුවේ, කුමරු හදිසියේම ඔවුන්ගේ ලන්ඩන් නිවසට ගිය අවස්ථාවක, හයා කුමරිය ඇගේ පෙම්වතා සමඟ  සිටියදී හමු වූ බවයි. ඩුබායි පාලකයා විසින් හයාගේ ඇඳ අසල භාවිතා කරන ලද කොන්ඩම් තීරු මෙන්ම වීදුරු දෙකක් ද සොයා ගත් බවත්, ඔවුන්ගේ දරුවන් ඊළඟ කාමරයේ සිටියදී ආදර යුවළ නිදන කාමරයේ ලිංගිකව හැසිරී ඇති බව සනාථ වූ බවත් දන්වා ඇත.

ෂෙයික් මොහොමඩ් තම බිරිඳ හයා කුමරිය ඒ වන විටත් සැක කර තිබූ අතර යහන්ගතවීම සනාථවන කරුණු නිරීක්ෂණය වූ බැවින් ඇයව දික්කසාද කළාය.
47 හැවිරිදි හයා කුමරිය මුලින් 2019 අප්‍රේල් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් තම දරුවන් දෙදෙනා සමඟ එංගලන්තයට පලා ගියේ තම ස්වාමිපුරුෂයාට “බිය” බව පවසමිනි.
එම වසරේ අගභාගයේදී, ලන්ඩන් අධිකරණය විසින් ෂෙයික් මොහොමඩ්  ඇයට අනාරක්ෂිත බව හැඟෙන තර්ජන සහ බිය ගැන්වීම් ව්‍යාපාරයක් ගෙන ගොස් ඇති බවත්, ඔහු මීට පෙර වෙනත් විවාහයකින් ඔහුගේ දියණියන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතවර කර ඇති බවත් තීන්දු කළේය.
නඩත්තු නඩුව දිගටම විභාගවූ අතර ඊයේ ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ට ඔහුගේ හිටපු බිරිඳට සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාට පවුම් මිලියන 550 ක් පමණ ගෙවීමට නියෝග කර තිබූ අතර එය එංගලන්ත අධිකරණයක් විසින් නියම කරන ලද එවැනි විශාලතම වන්දිය ලෙස සැලකේ. ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 150 කි.
කෙසේ වෙතත් මෙම තීන්දුව ඩුබායි පාලකයා විසින් අභියෝගයට ලක්කරනු ඇතැයි වාර්තා පළවේ.
( ද ගාර්ඩියන් ඇසුරිනි - Gossiplankanews.com)