පාකිස්තානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අද(6) සවස මෙරටට රැගෙන විත් තිබේ.
මේවන විට දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත.ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණයක් පකිස්තානයේදීද සිදු කරනු ලැබූ අතර එහි වාර්තාව අනුව සියයට 99 ක් පිළිස්සී තිබුණ සිරුර පරීක්ෂා කර පිළිස්සුමට පෙර හිසට හා හකු වලට එල්ලවූ පහර නිසා මරණය අත්වූ බව සඳහන් විය.
ඒ මහතාගේ දේහයේ අවශේෂ ශ්‍රී ලංකාවට භාරදීම සඳහා අද දහවල් ලාහෝර් ගුවන්තොටුපළ වෙත රැගෙන එනු ලැබූ අතර
එය ආරම්භ කෙරුණේ පාකිස්ථාන රාජ්‍ය ගෞරව ලබාදීමෙන් අනතුරුවයි. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ විශේෂ නියෝජිත තගීර් අශ්රෆි මහතා මෙන්ම පංජාබ් ප්‍රධාන අමාත්‍ය උස්මාන් වුර්ගාර් නියෝජනය කරමින් පළාත් අමාත්‍ය එජාස් අලාම් මහතා එම අවස්ථාවට එක්ව තිබුණි..
ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්ථාන රජය සැකකරුවන් 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරුවන් 26 දෙනෙකු පාකිස්ථානයේ ගුජරාන්වාලාහි පිහිටි ත්‍රස්ත මර්දන අධිකරණයට අද ඉදිරිපත් කළද ඇප හිමිවූයේ නැත.
දේහයේ අවශේෂ තැන්පත් කර අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රියන්ත මහතාගේ ගනේමුල්ලේ කැන්දලියැද්දපාලුවේ නිවස මේ වන විට සුදානම් කර තිබේ.
ශ්‍රී ලංකාවට රැගෙන ආ පසුව ලබාගත් ඡායාරූප 2 ක්
පකිස්තානයේදී ලබාගත් ඡායාරූප
0 Comments