priyantha-murder-pakistan-update

සිකුරාදා පාකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස ශ්‍රී ලාංකික සාමාන්‍යධීකාර ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමෙන් පසු ‘අල්ලාහ් වෙනුවෙන් යුක්තිය ඉටු කළා‘ යනුවෙන් කියමින් මෙම ම්ලේච්ඡ ක්‍රියාව වීරත්වයෙන් වර්ණනා කරමින් උදම් අනන්නට ඇතැමුන් කටයුතු කර තිබුණි.




නබි වාක්‍ය ඉරා දමමින් අපහාස කිරීම එරට දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදක් වන බැවින් තමන් නීතිය අතට ගෙන අදාළ වැරදි කරුවාට දඩුවම් දුන් බව පවසමින් වරදකාරී නොවන හැඟීමකින් සෙල්ෆි ගසන්නට හා ඒ ගැන ප්‍රසිද්ධියේ බය නැතිව කතාකරන්නට එකී පුද්ගලයින් කටයුතු කර තිබුණි.

එම පිරිස මෙහෙයවූ ආගමික අන්තවාදී කල්ලියේ ප්‍රධානීන් දෙන්නෙකු සිද්ධියෙන් පසු නිරුපද්‍රිතව එම වීර ක්‍රියාවන් ගැන මාධ්‍ය කැමරා කණ්ඩායම් ඉදිරියේ පවා ‘වොයිස් කට්‘ දෙමින් විස්තර කළ අතර එරට පොලිසිය පවා ඒවා බලා සිටියා විනා ඔවුන් අත්අඩංගුවට ගන්නට එම මොහොතේ ක්‍රියා කර තිබුනේ නැත.
කෙසේ වෙතත් අගමැති ඉම්රාන්ගේ අවධානයද යොමුවී මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වූ පසු පොලිසිය උනන්දුවෙන් ඒ ගැන කටයුතු කර ඇති අතර මේවනවිට එම වොයිස් කට් වීරයින් අත්අඩංගුවේ පසුවේ.


වාර්තාවන අන්දමට ඝාතනය සිදු කළායින් පසු මෙම කල්ලියේ ප්‍රධානින් දෙන්නා පවසා ඇත්තේ ‘අල්ලාට විරුද්ධ වන අයට තමන්ගෙන් කිසිදු සමාවක්‘ නැති බවත් එය දෙවියන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමත් බවත්ය. ඔවුන් මේ ආකාරයට දෙවියන්ට විරුද්ධවීම නිසා ඝාතනය කළ හතරවැන්නා මෙකී සාමාන්‍යධිකාරවරයා බවද එම වොයිස් කට් එකේදී දන්වා සිටී.
අපහාස කළ බවට සැකපිට ඔහුව පණපිටින් පුළුස්සා දැමූ ආකාරය ආඩම්බරයෙන් උදම් අනමින් ඔවුන් ප්‍රකාශ කරන අතර ඒවා සිදු කර හිරේ ගියත් ගැටලුවක් නැතැයි කියමින් ප්‍රතිවිපාක ගැන බියක් නොදක්වා කතාකර තිබේ.
 මෙම වොයිස්කට් සැපයූ දෙන්නාම මේ අවස්ථාවේ සිර අඩස්සියේ පසුවන අතර එලෙස සිටින ඡායාරූප පොලිසිය ප්‍රසිද්ධ කර තිබුණි.
 Video පහතින්