රජයේ පාසලක තරුණ ගුරුවරියක ඊයේ (28) අලුයම් කාලයේ නිවෙසේ නිදියහනේ මියගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ වේවැල්දෙණිය රදාවඩුන්න සිරි මිහිඳු මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවයේ කළ සේමසිංහ මුදියන්සේලාගේ ශිෂිකාහයන්ති සේමසිංහ (33)
නමැති ගුරුවරියක බව ද පොලිසිය කියයි. ඇය අත්තනගල්ල පාර පස්යාලේ ඇය දෙදරු මවක් බව ද පොලිසිය සඳහන් කරයි. පාසල් ගුරුවරිය සිය සැමියා සහ මාස 12ක් හා අවුරුදු 3ක් වයසැති දරු දෙදෙනා සමග නිවසේ නිදන කාමරයක රාත්‍රී කාලයේ නිදා සිටිය දී එක් දරුවකු අවදි වී හැඬිමේ දී තම බිරිය අවදි නොවීම පිළිබඳව විමසිලිමත් වීමේ දී ඇය සිහිසුන්ව සිටීම නිසා 1999 සුව සැරිය ගිලන් රථයකින් වතුපිටිවල රජයේ මූලික රෝහලට රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
වතුපිටිවල මූලික රෝහලේ දී ගුරුවරිය පරික්ෂා කර ඇති වෛද්‍යවරුන් ඇය රෝහලට රැගෙන ඒමට විනාඩි 30කට පමණ පෙර මියගොස් ඇති බවට පවසා ඇතැයි පොලිසිය කියයි.
මියගිය මෙම ගුරු මහත්මිය පිළිබඳව හදිසි මරණ පරික්ෂණය හා පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය 28 වැනිදා දහවල් වතුපිටිවල මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.
-එස්.යූ.ඩබිලිව්.කේ. ජයවර්ධන-
0 Comments