පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක දෙරණ ටීවී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් පසුගියදා රන්ජන් රාමනායක ගැන කථා කළේය. ඔහු කියා සිටියේ තමා මීට දින දෙකකට පෙරත් රන්ජන් රාමනායක බැලීමට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගමන් කළ බවත් තමා තනිව ගමන් නොකළ බවත් රන්ජන්ගේ පෙම්වතියද කැටුව ගිය බවත්ය.
එම අවස්ථාවේ නිවේදකයාගේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස එස්බී දිසානායක රන්ජන්ගේ පෙම්වතිය ගැන තොරතුරු බිඳක් හෙළි කළේය. ඇය වෛද්‍යවරියක බව කී එස්බී ඇය හේමාස් රෝහලේ සේවය කරන බව දන්වා සිටියේය.
තමාද අධිකරණයට අපහාස කළ චෝදනාවකට සිරගතව සිටි බවත් එවැනිම චෝදනාවක් මත රන්ජන් සිරගතවී සිටියදී ඔහුටද තමාට මෙන් සමාව මත නිදහස ලබාගැනීමට අවශ්‍යයයි හැඟේ නම් ඔහු තමාගෙන් ඉල්ලීමක් කළ යුතු බව කී මන්ත්‍රීවරයා නමුත් තමන් එවැනි උදව්වක් ගැන සිතමින් සිටින බව කීය.
0 Comments