2007 වර්ෂයේ ආරම්භක ශ්‍රී ලංකාවේ විශාලතම ගෘහස්ථ හෙද සේවා සමාගම හා ගිලන්රථ සේවා ආයතනය වන රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කොමිෂන් සභාවේ අනුමත ආයතනයක් වන අතර එහි දැනට සේවය කරන වෘත්තීය පුහුණුව ලැබූ
පළපුරුදු සේවක මණ්ඩලය 600 කින් සමන්විත වුවත් ආයතනයෙන් දිනෙන් දින හෙද සේවා පහසුකම් බලාපොරොත්තුවන ජේෂ්ඨ පුරවැසියන්ට හා රෝගීන්ට සේවා සැපයුම වෙනුවෙන් 2022 වර්ෂයේදී වයස අවුරුදු 45ට අඩු තරුණ/තරුණියන් 400 දෙනකුට නොමිලේ හෙද පුහුණුවක් ලබාදී සේවයට බඳවා ගැනීම සඳහා ආයතනයේ සභාපති මනුජ හේවාවසම් මහතා, විධායක අධ්‍යක්ෂිකා හේමාලි ගීකියනගේ මහත්මිය, සාමාන්‍යාධිකාරී ධනුෂ්ක විජේසිංහ යන මහත්තුරු සමග එම ආයතනයේ අංශ භාර කළමනාකරුවන් හා විධායක නිලධාරීන් සමග පසුගිය සිකුරාදා දින ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වූ සාකච්ඡාවේදී නිල තීන්දුවක් ලබා ගත්තේය.
මේ පිළිබඳව අපට අදහස් දැක්වූ ආයතනයේ සාමාන්‍යාධිකාරී ධනුෂ්ක විජයසිංහ මහතා පැවසුවේ පසුගිය වසර දෙකේ කොවිඩ් උවදුර සමග කිසිදු සේවකයෙකු සේවයෙන් ඉවත් කිරිමකින් තොරව හා වැටුප් කප්පාදුවකින් තොරව ආයතනයේ ව්‍යාපාර මෙහෙයුම් පවත්වා ගත් අප වෙනත් ආයතන වල රැකියාවන් අහිමි වූවන්ට හා නව රැකියා අපේක්ෂකයන්ට නොමිලේ පුහුණුවකින් පසු රැකියා ලබා දීම විරැකියාවට විසඳුමක් මෙන්ම කොවිඩ් වසංගතයේ අඩු වීමකින් පසු අප ආයතනයේ හෙද සේවා සැපයුම හොංකොං, මැලේසියා හා සිංගප්පූරු රාජ්‍යයන් වලට ද ලබාදී විදේශ විනිමය ඉපයීම මගින් අප රටේ ආර්ථික ශක්තිය ඉහළ දැමීමට උපකාරයක් වීමටය. නව සහය හෙද/හෙදියන් රැකියා අවස්ථාව සඳහා උනන්දු වන්නන් හට තොරතුරු ලබා ගැනීමට
www.royalnursinghome.com/jobs වෙබ් අඩවියෙන් හෝ උදෑසන 8 සිට සවස 5 දක්වා රාජකාරි කාලය තුළ 0717611611, 0718610610 දුරකථන අංක වලින් ලබාගත හැක.
0 Comments