උදේ කෑම මේසයේදී මවක සහ පුතකු අතර ඇති වූ දෙබසක් මෙසේය.
"අනේ අම්මා, මට නං අද ඉදං ඉස්කෝලෙ යන්න හිතෙන්නේ නෑ.”
"ඇයි පුතා?"
 "ඒක මහ ගොඩේ ඉස්කෝලයක්!”
 "මොනව කරන්නද පුතා - උඹට හම්බ වෙච්ච ඉස්කෝලෙනේ?‍


"කිසිම පහසුකමක් නෑ!”
"මොනව කරන්නද - තියෙන හැටියට සන්තෝෂ වෙනව මිසක් "
"ගුරුවරු හරිම කම්මැළියි. වෙලාවට එන්නෙත් නෑ. වැඩ කරනෙත් නෑ."
"උඹ ඕව ගණන් ගන්න එපා. කොහෙත් ඔහොම තමා."
"ඉන්නෙත් ළමයි ටික දෙනයි. එක එකා අස්වෙලා වෙන  එහෙකට යනවා. මේකෙ ඉගැන්වීම හොඳ නෑ කියල."
"උං අඩුවෙන තරමට හොඳයි - කරදර අඩුයි."
"ඉන්න ටික දෙනත් හැමදාම ඉස්කෝලෙ එන්නෙ නෑ. කට්ටි පනිනවා."
"ඔහෙ පැනපු දෙන්, උන්ටම නේ පාඩු!" "
ඉකෝලෙ කිසිම විනයක් නෑ. ගුරුවරු - ගුරුවරියො එහං නටනවා. කෙල්ලොයි - කොලොයි මෙහං නටනවා!"
"දෑ කාලෙ ඔහොම තමාං; උඹ නොදැක්ක වගේ හිටපං!"


"ඒ වුණාට අම්මා, මට මේ ඉස්කෝලෙ වල් කොලෝ අල්ලනෙම නෑ. හරිම මැරයො! කියන දෙයක් අහන්නෙම නෑ."
"උඹ ඕව ගණන් ගන්න එපා."
 "මට දරන්න බැරි ඌ මට විහිළු කරනවා. ඕච්චි කරනවා. එක එක නම් හිටන් හදල කියනවා. මට නං දැන් ඉස්කෝලෙ යන්නම හිතෙනෙ නෑ! මට බෑ ඉස්කෝලෙ යන්න!"
"ආ හා පුතා, එහෙම නොගිහිං පුළුවන්ද? එක අතකින් උඹ වයස තවම පනස් හතරයි! පැංසන් යන්න තව අවුරුද්දක් තියෙනවා. අනික උඹ නේ ඉස්කෝලේ ප්‍රින්සිපල්!”.