තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පැවති Asian classic Equipped Bench Press and Powerlifting Championships තරගයේ කිලෝග්‍රෑම් 47 බර පන්තියේ ශූරතාව ඇතුළු රන් පදක්කම් 4 ක් දිනා ගැනීමට ලාංකික ක්‍රීඩිකා ෂෙනුකි දිශල්‍යා (Shenuki Dishalya) සමත් වූවාය.
එහිදී Dead Lift, Bench Press, Squat යන තරග ඉසව් 03 සඳහාම රන් පදක්කම් දිනා ගනිමින් සමස්ත ශූරතාවයට හිමි රන් පදක්කම ද ඇය විසින් දිනා ගනු ලැබු අතර එම සුවිශේෂි ජයග්‍රහණය සමගම ඇය මෙතෙක් දැරූ ශ්‍රී ලංකා ජාතික වාර්තාව ද ඇය විසින්ම බිඳ හෙලනු ලැබ තිබේ.
තුර්කි සවි එසවීමේ සම්මේලනයේ සහයෝගය ඇතිව ආසියානු සවි එසවීමේ සම්මේලනය මගින් මෙම තරගාවලිය සංවිධානය කර තිබුණි.
රටවල් 19 ක් සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 24-30 දින දක්වා තුර්කියේ දී මෙම ආසියානු සවි එසවීමේ ශූරතාවලිය පැවැත්විණි..
බර ඉසිලීම, පිහිණුම්, ජිම්නාස්ටික් වැනි අංශ කිහිපයකින්ම ජාතික තලයේ දක්ෂතා දක්වා ඇති ෂෙනුකි දිශල්‍යා කොළඹ Bishops විද්‍යාලයේ ශිෂ්‍යාවකි.
2021 ආසියානු සවි එසවීමේ ශූරතාවලියට සහභාගි වී රටට කීර්තියක් ගෙන ආ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දින (30) සවස 4ට කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණී අතර එම අවස්ථාවේ ඡායාරූප පහළින් දැක්වේ.
0 Comments