siriyani-chandralatha

කුවේට් හි සිටින ක්‍රිෂ්ණන් සිරියානි චන්ද්‍රලතා නමැති කාන්තාවකට කුවෙට් රාජ්‍යයේදී මරණීය දණ්ඩනය ලබාදීමේ සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ජාලා තුළ පසුගිය දිනවල වීඩියෝ පටයක් පැතිර ගිය අතර එය සත්‍යා නොවන බව ඒ ගැන සොයා බැලූ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා තිබුණි.




වීඩියෝව දුටු කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉකුත් 21 වනදා කුවේට් පොලිස් බලධාරීන් වෙත පැමිණිල්ලක් යොමු කර පොලීසියේ සහය ඇතිව කාන්තාව සිටි සේවා ස්ථානයේ දී සොයා ගෙන, ඉකුත් 22 වනදා එම කාන්තාව තානාපති කාර්යාලය වෙත රැගෙන විත් තිබුණි.
සේවායෝජකයා විසින් ඇයගේ ශ්‍රී ලංකා ගමන ප්‍රමාද කරන බැවින්, නැවත මෙරටට පැමිණීමේ අරමුණින් අදාළ කාන්තාව තම දරුවන්ට අසත්‍ය තොරතුරු ලබා දී ඇති බව එහිදී අනාවරණ වී තිබුණි.
තමන් මරන්න යන බව ඇය වීඩියෝවෙන් පවසන්නේ අතිශෝක්තියෙනි.

තමන්ට නියමිත වේලාවට වැටුප්‌ ගෙවා ඇති බවත්‌, සේවායෝජකයාගෙන්‌ හෝ කිසිවකුගෙන්‌ කිසිදු ආකාරයක ගිරිහැරයක්‌ හෝ තර්ජනයක්‌ එල්ල නොවූ බවත්‌ ඇය තහවුරු කර තිබුණ බවද තානාපති කාර්යාලය අවධාරණය කර සිටී.


පසුව ඇය කෙරේ අනුකම්පා සහගතවූ තානාපති කාර්යාලය ක්‍රිෂ්ණන්‌ සිරියානි චන්ද්‍රලතා මහත්මිය නැවත ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා පහසුකම්‌ සලසන්නට ඉදිරිපත් විය.
කුවේට්‌ බලධාරීන්‌ මෙම චිමර්ශනය අවසන්‌ කළ පසුව, චන්ද්‍රලතා මහත්මියට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තානාපති කාර්යාලය මගින්‌ පහසුකම්‌ සැලසෙනු ඇති බව ද තානාපති කාර්යාලය සඳහන් කළේය.