tax-33-news

2019 සහ 2020 අතර කාලයේ දී ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බදු ගෙවන්නන් සංඛ්‍යාව 33.5% කින් පහත වැටී ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ තොරතුරු සම්පාදනය කෙරෙන PublicFinance.lk වෙබ් අඩවිය අනාවරණය කරන තොරතුරුවලට අනුව 2019 දී ලක්ෂ 17ක් වූ ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන් සංඛ්‍යාව 2020 දී ලක්ෂ 11 දක්වා පහත වැටී තිබේ.



විශේෂයෙන් එකතු කළ අගය මත බදු (වැට්) සඳහා වන සීමාවන් වැඩි කිරීම සහ උපයන විට ගෙවීම් බද්ද අහෝසි කිරීම ඇතුළුව රජය 2019 දෙසැම්බරයේ හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තියේ ප්‍රධාන වෙනස්කම් මීට බලපා ඇතැයි පැවසේ. මේ අතුරින් බදුගෙවන්නන් විශාල සංඛ්‍යාවකගේ ලිපිගොනු ඉවත්ව ඇත්තේ පෞද්ගලික ආදායම් බද්ද සඳහා වන බදු රහිත සීමාව වසරකට රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ තිහ (3,000,000) දක්වා වැඩි කිරීම හේතුවෙනි. එසේම 2020 ජනවාරි 01 වැනි දින,

වැට් බදු ලියාපදිංචිය සඳහා වන සීමාව වසරකට රුපියල් මිලියන 12 සිට රුපියල් මිලියන 300 දක්වා වැඩි කරනු ලැබීමද, තොරතුරු තාක්ෂණයට සහ සක්‍රීය කරන සේවාවන් සඳහා වැට් බදු සඳහා නිදහස් කිරීමක් ලබාදීම ද බදු ගෙවන්නන් සංඛ්‍යාව මෙලෙස පහත වැටීමට බලපා තිබේ.

නයන තරංග ගමගේ