කිසිදු අවසරයකින් තොරව සිය නිල කාමරය හා සභා රැස්වීම් ශාලාව ටෙලිනාට්‍යයක් සඳහා ලබාදීමට එරෙහිව හික්කඩුව නගර සභාවේ උපසභාපති මිනල් සෙම්බකුට්ටි මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අටදෙනෙකු ඊයේ (13දා) රාත්‍රියේ පැමිණිල්ලක් කළ බව හික්කඩුව පොලීසිය පවසයි.

මේ පැමිණිල්ලට අනුව හික්කඩුව නගර සභාවේ උපසභාපති නිල කාමරය හා සභා රැස්වීම් ශාලාව ප්‍රයෝජනයට ගෙන කෙරුණුරූගත කිරීම් වහාම නතර කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.




හික්කඩුව නගර සභාවේ කිසිදු අවසරයකින් තොරව සිය නිල කාමරය හා සභා රැස්වීම් ශාලාව ටෙලිනාට්‍යයක් පටිගත කිරීම් සඳහා ලබාදී ඇත්තේ එහි සේවය කරන ඉහළ නිලධාරියෙකු බවට උපසභාපති මිනෙල් සෙම්බකුට්ටි මහතා සිදුකළ පැමිණිල්ලේ සදහන් වේ.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උපසභාපති මිනෙල් සෙම්බකුට්ටි මහතා, "මේ ටෙලිනාට්‍යයේ රගපාන කලාකරුවන් සමග කිසිදු තරහක් නෑ. නමුත් මේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සදහා මගේ නිල කාමරය හා සභා ගර්භය දිය යුත්තේ නගර සභාවේ මෙන්ම පළාත් පාලන කොමසාරිස්වරයාගේ අනුමැතිය ඇතිවයි. මේ කිසිදු ක්‍රමවේදයක් අනුගමනය නොකොට සභාවේ ඉහළ නිලධාරියකුගේ වාචික අවසරයකටම මේ කිරීම් සිදුකර තිබෙනවා. මම පොලීසියට පැමිණිලි කල් කලාකරුවන්ට විරුද්ධව නෙමෙයි. මේ අනතික ක්‍රියාවට ඉඩදුන් තිලධාරියාට එරෙහිව යයි පවසා සිටියේය.

(කරණ්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)