රොහාන් සිල්වා, වත්තල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. මිනි සුපර්මාකට් එකක් සහ වත්තල ප්‍රදේශයේ පිහිටි එපාර්ට්මන්ට් කීපයක හිමිකරුවන රොහාන්, කාලයක් එංගලන්තය ඇතුළු රටවල් කීපයක වාසය කළ අයෙකි. මෙරට තම ව්‍යාපාර දියුණු කරගෙන බිරිය සහ දරුවන් සමඟ ඔහු ජීවත් වන්නේ කිසිවකුට කරදරයක් හිරිහැරයක් සිදුනොවන ලෙසය. රොහාන් සුඛෝපභෝගී ජීප් රථයකට හිමිකම් කියයි. ඊට අමතරව සුසුකි එව්රි වැන් රථය මාසික කුලියට ගෙන තිබුණේ තම ව්‍යාපාරික ගමන් බිමන් වෙනුවෙනි.ඒ සඳහා ඔහු රියැදුරෙකු බඳවාගන්නේ පුවත්පත් දැන්වීමක් මගිනි. ඔහු තෝරාගත් රියැදුරු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
හතලිස් හය හැවිරිදීමේ පුද්ගලයාට වැටුපට අමතරවකැම බීම සහ නවාතැන් ලබාදීමටද රොහාන් කටයුතු කළේය. එහෙත් ඔහු නොකළඑකම රියැදුරා සේවයට බඳවාගැනීමට පෙර ඔහු ගැන වැඩි විස්තර සොයා නොබැලීමයි. මාස පහක් හයක් ඉතා සුවච කීකරු ගෝලයකු ලෙස රොහාන්ලග වැඩකරනමේ රියැදුරාගේ නියම තත්වය එලියට එන්නේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදාය.රොහාන් එදින උදෑසන ඊයැදුරා සමග වැන් රථයෙන් යන්නේ වත්තල පෞද්ගලික බැංකුවකටය.එම බැංකුවන් රුපියල්ලක්ෂ 20ක්රොහාන් තමන්ගේ රන් අත් පළඳනාව උකස්කිරීම සඳහා වත්තල ප්‍රදේශයේම පිහිටි උකහලකටය.රුපියල් ලක්ෂ විස්ස වෑන් රථයේ තිබියදී රොහාන් උකස් හලට ගොස් අත්පළඳනාව රුපියල්ලක්ෂ 07කට උකස්කර නැවත වාහනය වෙත එන්නේ මිනිත්තු 10ඇතුලතදීය. ඒවනවිට වාහනය එම ස්ථානයේ නොතිබිණි. රොහාන්ට"දෙලොව රත්වන්නේ' එවිටය.රියැදුරාගේ ජංගම දුරකතනයට ඇමතුම් ගත්තත් එයද අක්‍රියය,වැරථයේ අයිතිකරුට දුරකතන ඇමතුමක් ගන්නා රොහාන් මේ සිද්ධිය ඔහුටකියා ත්‍රීරෝද රථයක නැගී වත්තල පොලීසියට යන්නේ මොහොතේදීමය.
වාහනයේ ජී.පී .එස් උපකරණයක් සවිකර තිබිණි. එහි ක්‍රියාකාරිත්වය ගැන සොයා බැලූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඒ සඳනුවන් වාහනය කඩවත දෙසට ගමන් කරමින් තිබෙන බව සොයාගන්නේය. ඒ වන විට වත්තල පොලීසියේ සිටි රොහාන්ටත් ගැන දැනුම්දෙන පොලිස් පරීක්ෂකවරයා පොලීසියේ කණ්ඩායමක්ද සමග ක්ෂණිකව සුදානම් වුයේ මේ වාහනය සොයාගැනීමට කඩවතටයැම සඳහාය. වත්තල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂා කලලිත් සීලෝගමගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස්පරීක්ෂක ඩබලිව්.එම්.ඒ.සඳනුවන් ඇතුලු කණ්ඩායමක් රොහාන් සමග කඩවත දෙසට යන්නේ මේ මොහොතේය.පොලිස් නිලධාරින් එහි යන විට අදාලවෑන් රථයකඩවත ප්‍රදේශයේ කිසියම් ස්ථානයක නවතා පිටතින් දොරගුළුලා රියැදුරා එහි තිබූ රුපියල් විසි ලක්ෂයක මුදල්පාර්සලය රැගෙන පලාගොස් සිටියේය. වාහනයේ අයිතිකරු එහි දොරවල් විවෘත කරගන්නේ අතිරේක යතුරනී..මුදල් රැගෙන මෙසේ පලාගිය රියැදුරා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ වන්නේ මේ අනතුරුවය.මේ පුද්ගලයාගැන වැඩි තොරතුරක් ව්‍යාපාරික රොහාන් දැනසිටියේනැත. ඒ නිසාම විමර්ශන ඔස්සේම අදාල සැකකරු අත්අඩංගුවට ගැනීම පොලිස් පරීක්ෂක සඳනුවන් ඇතුලු කණ්ඩායමේ අපේක්ෂාව විය.
සැකකරු පරිහරණය කරන ජංගම දුරකතනයේ ඇමතුම් විශේෂ වාර්තාව ලබාගන්නා සඳනුවන් ඒ ඔස්සේ විමර්ශන සිදුකරන්නේ යම් පුද්ගලයා ගැවසෙන ස්ථාන ගැන සොයා ගැනීම සඳහාය. මේ තැනැත්තා සිම්පත් හතරක් භාවිත කරන බවත් ආනමඩුව,ආඩිගමසෝලේවැව,ගිරිබාව,ප්‍රදේශවල සැරිසරන බවත් පොලිස් පරීක්ෂක සඳනුවන් සොයාගත්තේය.තම කණ්ඩායම සමග ආනහඩුව,ආඩිගම සෝලේවැව ප්‍රදේශයට යන සඳනුවන් සැකකාර රියැදුරා අල්ලා ගන්නේ මහත් පරිශ්‍රමයකින්,තම හාම්පුතා වන රොහාන්ගෙ සොරකම් කළ රුපියල් විසිලයක මුදලින් වැඩිකොටසක් ඔහු ඒ විටත් වියදම් කර තිබිණි.
මෙම ප්‍රශ්න කරද්දී අනාවරණය වන්නේ ඔහු මෙරට ලියාපදිංචි අපරාධකරුවකු බවය. මහර බන්ධනාගාරයේ වසර පහක් අච්චු වී ඉඳඑලියට එන මේ රියැදුරා සෝලේවැව පදිංචි 'සරත්" නමැති පුද්ගලයකුද සොරකමට සම්බන්ධකරගෙන සිටියේය.සරත් ද ලියාපදිංචි අපරාධකරුවෙකි. ඔහු සැකකාර රියැදුරු සමග කලක් එකට බන්ධනාගාර ගතව සිට ඇති බවද හෙලිවන්නේ ඒ අතරදීය සරත් සමග ඔහුගේ පුත්‍රයාද සැකපිට අත්අඩංගුවට ගැනිණි, ඔක්තෝබර් මස පළමුවැනිදා තම හාම්පුතාගෙ රුපියල් ලක්ෂ විස්සක සල්ලි මල්ල පැහැර ගන්නා රියැදුරා කෙලින්ම යන්නේ නිට්ටඹුවටය.පාරදිගේ යද්දි විකිණීමට දමා තිබෙන ත්‍රීරෝද රථයක්ද දකින රියැදුරා එය මිලදීගන්නේ රුපියල් පන්ලක්ෂ විසිපන්දහසකටය.
එතැනින් අඹේපුස්සට යන රියැදුරාට අතරමගදී කාන්තාවක් හමුවන අතර දින ඇය සමග අඹුසැමියන් සේ ගතකර ආඩිගම සෝලෝවැව ප්‍රදේශයටය යන්නේ පහුවෙනිදාය. ඉන් පසු අතදිග හැර මුදල් වියදම් කරන රියැදුරා, වයිෆයිඋපකරණ.විදුලි පංකා,ටී.වී ස්ටැන්ඩ් සහ රන් අබරණ මිලදී ගන්නේ සිය පාවිච්චිය පිණිසය. මිලදීගත් ත්‍රීරෝද රථයේ බෆල් එකඇතුලේ රුපියල් ලක්ෂ විසිපන්දහසක මුදල් සගවා තැබීමටද ඔහු කටයුතුකරන්නේ ඔය අතරය.ඉන් දින කීපයකට පසුව ඔහු සිය සොයුරාට පවසන්නේ ත්‍රීරෝද රථය වත්තල පිහිටි රොහාන්ගේ නිවෙස අසලට ගොස් දමා එනලෙසය.එහෙත් එහි බෆල් එක අස්සේ සැගවූමුදල ගැන ඔහුට අමතක විය.පසුව ඔහු සොයුරා අමතා එදීන අලුයම 4ට පමණ කියන්නේ බෆල් එක ඇතුලේ තිබෙන මුදල් රැගෙන එන ලෙසය.සොයුරා ඔහු කීදේ කළේය.
සැකකාර රියැදුරා සමග අත්අඩංගුවට ගැණුනු සරත් නමැති සැකකරුට වරෙන්තු දෙකක් ඇති බවද හෙලිවිය, රියැදුරාටරථවාහන නඩු 15ක් ඇති අතර ඔහු වසර හයහමාරක සිරදඬුවමක් විඳින අතරේ වසර 5කින් එලියට ආ අයෙකු බවද හෙලිවන්නේ රොහාන් පුදුම කරවමිනි.සැකකරු සතුව තිබුණු ජාතික හැඳුනුම්පතද ව්‍යාජ එකක් බව අනාවරණය විය. සැකකරුවන තිදෙනා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදීරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණී.බස්නාහිර පළාත් උතුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න සිල්වා මහත්වරුන්ගේ උපදෙස්මත වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සීලෝගම,අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඒ සඳනුවන්, උපපරික්ෂක සේනානායක,සැරයන්වරුන් වන (53320)ජුඩ් (33507) ධර්මසිරි(48908) වසන්ත කාන්තා සැරයන් (2137)සුනේත්‍රා කොස්තාපල්වරුන් වන (53429) හේමන්ත (46128) එදිරිසිංහ (76999). ප්‍රසංග විමර්ශන සඳහා එක්වූහ.
-අමල් රණබාහු-
0 Comments