ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්පියාහි වාසය කරන 33 හැවිරිදි මවක, සිය ටෙස්ලා ස්වයං ධාවන මෝටර් රථයේදී දරුවකු ප්‍රසූත කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. යිරාන් ෂෙරි නැමති මෙම මව පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙලෙස සිය ටෙස්ලා රථය තුළදී දරුවා බිහිකර තිබේ.
ඇය සිය සැමියා වන 34 හැවිරිදි කිටීංන්ග් සහ අවුරුදු තුනක් වයසැති වැඩිමහල් දරුවාද සමග ටෙස්ලා රථයේ ගමන් කරමින් සිටියදි ඇයට විළිරුදා තත්වයක් හටගෙන ඇත. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ශිරාන් සහ කීටින් දෙපළ රථය තුළදී සිය දරුවා බිහිකිරීමට තීරණය කර තිබේ. එම අවස්ථාවේදී ටෙස්ලා රථය ස්වයංක්‍රීය ධාවන තත්වයෙන් රෝහලක් කරා ගමන් කරමින් තිබීම මෙහි ඇති විශේෂත්වයද වෙයි.
"අපි රෝහලට යන අතරමගදී යිරාන්ගේ තත්වය දරුණු වුණා. දරුවා බිහි වෙන්න ඔන්න මෙන්න අවස්ථාවක තිබුණේ. මාර්ග තදබදය නිසා අපිට පමා වෙන්නත් බැහැ. ඒනිසා රෝහලක් වෙත යනකම් ඉන්නැතිව අපිදරුවා එළියට ගන්න තීරණය කළා. එතැනදී මම රථය ස්වයංක්‍රීය නියමු තත්වයට යොදලා, අපිට යාමට අවශ්‍ය ස්ථානය විදියට රෝහල නම් කළා''
ඔවුන් රැදී සිටි ස්ථානය සහ රෝහල අතර තිබී ඇත්තේ විනාඩි 20ක් පමණ දුරකි. ඒ අනුව රථය ස්වයංක්‍රීයව ධාවනයවේදී ඔහු සිය බිරිදට අවශ්‍ය උවතැන් කිරීමට යොමුවී තිබේ. ඒ අනුව රථය තුළදීම සිය දරුවා බිහි කිරිමට යිරාන්ට හැකියාව ලැබී ඇත. එම අවස්ථාවේදීම රථයත් රෝහල වෙත ළගා වී ඇති අතර, එහි සිටි හෙදියන් රථයේ ඉදිරිපස ආසනය පුරා තිබූ දරුවාගේ පෙකණිවැල කපා මව සහ දරුවා රෝහලට ඇතුළත් කරගෙන තිබේ.
මෙහිදී යිරාන් වෙත උපත ලබා ඇත්තේත් ගැහැනු දරුවෙකි. ඇය Maeve ලෙසින් නම් කර ඇති අතර, අද වනවිට ඇය මාස තුනක දැරියකි. එසේම ඇය ලොව පළමු "ටෙස්ලා දරුවා" ලෙසින්ද අද නම් වී තිබේ.
0 Comments