Only-59-percent-in-Colombo-have-taken-the-second-dose-not-the-booster

කොරෝනා එන්නත්කරණය සම්බන්ධ ජනතාවට පවතින අඩු උනන්දුව නිසා ඉදිරි කාලයේ දී ඔමික්‍රොන් රැල්ලක් ලංකාවේ පැතිර යාමේ අවදානමක් මතුව තිබේ. මේ දිනවල බූස්ටර මාත්‍රාව එනම් තෙවැනි කොරෝනා එන්නත ලබාගැනීමට ජනතාව උනන්දු කරවන නමුත් දෙවැන්න පවා ලබාගෙන ඇති පිරිස සැලකිය යුතු ලෙස අඩුය.



සෞඛ්‍ය අමාත්‍යංශය අද (24) දිනට සිදු කර ඇති යාවත්කාල කිරීම අනුව කොරෝනාවට එරෙහි එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇති පිරිස සැලකීමේදී කොළඹ දිස්ත්‍රික්කය ඉතා අඩු අගයක් සියයට 59 ක් පමණක් වාර්තා කර ඇති අතර  මඩකලපුව යාපනේ කිලිනොච්චි මුලතිව් වැනි දිස්ත්‍රික්කද ඒ සමාන සියයට 60 ට අඩු ප්‍රතිශත අගයන් වාර්තා කර තිබේ. ගම්පහ සියයට 75 ක් හා කළුතර සියයට 81 කි.
දෙවැනි මාත්‍රාව ලබාගැනීමේදී සාර්ථකත්වය ලබා ඇති දිස්ත්‍රික්ක තුන වන්නේ මාතලේ (සියයට 91) කුරුණෑගල (සියයට 89) හා හම්බන්තොට (සියයට 89) ක් ලෙසිනි.
අදාළ සංඛ්‍යාලේඛන පහතින්