A-revelation-about-the-private-flights-of-the-British-royal-family

බ්‍රිතාන්‍ය රජපවුලේ දෙවැනි එළිසබෙත් මහ රැජින, චාල්ස් කුමරුන් සහ විලියම් කුමරුන් ප්‍රධානව රජ පවුලේ සාමාජිකයන් විසින් පසුගිය වසර 8ක කාලයකදී සිය ගුවන් ගමන් සදහා විශේෂිත ගුවන්යානා හා හෙලිකොප්ටර් යානා වෙන් කරගැනීම වෙනුවෙන් බදු ගෙවන්නන්ගේ මුදලින් පවුම් මිලියන 13ක් වියදම් කර ඇතැයි වාර්තා වෙයි.  මෙම පසුගියදා පළ කෙරුණු බ්‍රිතාන්‍යයේ The Independent පුවත්පත මගින් මෙම කරුණු අනාවරණය කරගෙන තිබේ. විශේෂයෙන්ම පසුගිය වසරේ නොවැර් මාසයේදී ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හිදී පැවැත්වුණු Cop26 දේශගුණික විපර්යාස සමුළුව හා සම්බන්ධ වූ රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් කිහිපදෙනෙකුම පෞද්ගලික ජෙට් යානා යොදාගනිමින් ඒ සදහා සහභාගි වීමේ අවස්ථා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සමග පුවත්පත මේ පිළිබදව කරුණු විමර්ශනය කර තිබේ. වාර්තාවලට අනුව මෙම ජෙට් යානාවක් යොදා ගනිමින් පියාසර කිරීම හේතුවෙන් තනි පුද්ගලයෙකු හරහා සිදුවන පරිසර දූෂණය, සාමාන්‍ය වාණිජ ගුවන් ගමනකට වඩා 14 ගුණයකින් ඉහළ බව හඳුනාගෙන තිබේ.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මෙන්ම, චාල්ස් කුමරුන්ද ඊට සහභාගි වූයේ  පෞද්ගලික ජෙට් යානා යොදා ගනිමිනි. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය රජ පවුල් සංචරණ වියදම් සඳහා මුදල් වෙන්කිරීම එරට බදු ගෙවන්නන්ගේ අරමුදල්වලින් රැස්වන වෛරී දීමනාවක් හරහා පිරිනැමේ. ඒ අනුව පුවත්පත මගින් 2013/14වසරේ සිට 2020/21 වසර දක්වා කාලය තුළ දී මෙම ස්වෛරී දිමනාවට අදාළ වාර්ෂික ගිණුම් පරික්ෂා කරමින් මෙම අනාවරණය සිදුකර තිබේ. එහි සදහන් ආකාරයට මෙලෙස විශේෂිත ගුවන් යානා හෝ හෙලිකොප්ටර් යානා යොදාගනිමින් රජ පවුලේ සාමාජිකයන් ගිය ගමන් සඳහා සිදුකර ඇති වියදම පවුම් මිලියන 13.5ක් බව සදහන් වෙයි. මේ අතරින් 2013 වසරේදී චාල්ස් කුමරු සහ කමලා පාකර් ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු සදහා සහභාගිවීමට විශේෂිත ගුවන් යානා කිහිපයක් යොදාගෙන ඇති අතර, ඊට වැය වී ඇති මුදල ළිං පවුම් 350,413කි.

කෙසේ වෙතත් පුවත්පත සදහන් කරන ආකාරයට මෙහිදී ඔවුන් තොරතුරු ලැබී ඇත් රජපවුල් සාමාජිකයන් විසින් එම කාලය තුළ දී නිල වශයෙන් වාර්තා කර ඇති ගුවන් ගමන් 2,000ක පමණ තොරතුරු පමණකි. ඇතැම් අවස්ථාවලදී රජ පවුලේ සාමාජිකයන් බ්‍රිතාන්‍ය තුළ පිහිටි සිය රජ මාලිගා වෙත යාම සඳහාද හෙලිකොප්ටර් යානා භාවිත කළ බවට සඳහන්ව ඇතැයි පැවසෙයි. ඒ අනුව මෙම ස්වෛරී දීමනාව හරහා රජ පවුලේ ගමන් බිමන් වෙත වෙන්කර ඇති මුදල මීටත් වඩා ඉහළ යා හැකි යැයිද පුවත්පත් අදහස වී තිබේ.