ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ පුද්ගලයෙකු ඕස්ට්‍රෙලියාවේ පර්ත්හි නිවසේදී තම සිඟිති දරු දෙන්නා මරා දමා තමාද දිවිනසාගත් අවාසනාවන්ත පුවතක් සෙනසුරාදා වාර්තාවිය. මෙම සිද්ධියෙන් මියගියේ එකම පවුලේ 4 හැවිරිදි දියණිය , 6 හැවිරිදි පුතු හා 40 හැවිරිදි ඉන්දික ගුණතිලක නම් ශ්‍රී ලාංකික පියාය. ගිනිකොනදිග පර්ත් උප නගරයක් වන හන්ටින්ඩේල් හි එසින්ටන් වීදියේ පිහිටි ඔවුන්ගේ නිවසේ ගරාජය තුළ ඉන්දික සියදිවිනසාගෙන තිබූ අතර ඊට පෙර දරුවන් දෙන්නා නිවස තුළ ඔහු විසින් මරාදමා තිබුණි.
මෙම ඝාතනයන්ට හේතුව පවුල තුළ ඇතිවූ ගැටලුකාරී තත්වයන්ගෙන් පසු ඉන්දිකට ඇතිවූ මානසික පීඩන තත්වයක් වියහැකි බවට ඕස්ට්‍රෙලියානු මාධ්‍ය දැනට වාර්තාකර තිබේ.
වෘත්තියෙන් නාගරික සැලසුම් ශිල්පියෙකුවූ ඉන්දික ගායකයෙකු ලෙසද ප්‍රසිද්ධය. ඔහුගේ ගීත යූටියුබ් ඔස්සේද ප්‍රචාරයවී තිබේ. ඔහු ඕස්ට්‍රෙලියානු ජාතික කාන්තාවක හා විවාහවී සිටි බවත් දරුවන් දෙන්නෙකුද ලද පසුව ඇතිවූ ගැටලු වලින් පසු ඇය වෙනම ජීවත්වූ බවත් පැවසේ. ඝාතනයන් සිදුවූ බව කියන දිනයේ දරුවන්ට මව මුණගැස්වීමට අධිකරණයෙන් නියම කරතිබූ දිනය වූ අතර නියමිත පරිදි දරු දෙන්නා නොපැමිණීම නිසා ඔවුන් වාසය කළ නිවසට ඕස්ට්‍රෙලියානු මව ගොස් විපරම් කිරීමේදී මෙම ඝාතන හා සියදිවි නසාගැනීම් දැක තිබේ.
ඒ අනුව ඇය සිද්ධිය පොලිසියට දන්වා ඇති අතර පොලිසිය පැමිණ කළ පරීක්ෂාවේදී තිදෙනාම ඒවනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව හඳුනාගෙන තිබෙයි.
40 හැවිරිදි ඉන්දික ගුණතිලක සිය සිව් හැවිරිදි දියණිය ලිලී සහ හය හැවිරිදි පුත් කොහාන් ඝාතනය කර නිවසේ ගරාජය තුළ සිය ජීවිතය අවසන් කර ඇතැයි පොලිසිය දන්වා තිබුණි.
සිද්ධියට දින දෙකකට පෙර, ඔවුන් තිදෙනා වෙරළක අත් අල්ලාගෙන හිරු බැස යන ආකාරය දෙස බලා සිටින ඡායාරූපයක් ඔහු ෆේස්බුක් හි බෙදා ගත්තේය.
ඊට පෙර පසුගිය දෙසැම්බරයේ ඔහු තම ෆේස් බුක් පිටුවේ වීඩියෝවක් පළ කරමින් තමා මානසික පීඩනයකට ලක්ව ඇති බවත් විශාදයේ ලක්ෂණ තමන්ට දැනෙන බවත් විස්තර කළේය. සියදිවිනසාගන්නන්ට මතුවන මානසික තත්වයන් ගැනද ඔහු එම වීඩියෝවේදී විස්තර කළේය.
ඉන්දික ගුණතිලක මහතා කාලයක් තිස්සේ නගර සැලසුම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර 2014 දී ඔහුගේම ව්‍යාපාරයක් වන ‘IMG නගර සැලසුම් සහ සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කළේය. බටහිර ඕස්ට්‍රේලියානු රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ආරම්භක කමිටු සාමාජිකයෙකු වූ ඔහු ගායකයෙකු ලෙස ආදිසිසු උත්සව අවස්ථාවන්හි නැතිවම බැරි සේවයක් ඉටු කළේය.
ඔහු තම විශාද තත්වය හෙළි කර සිටි අයුරු |
අවසන් ෆේස් බුක් සටහන දරුවන් සමග තනිවීම ප්‍රකට කළේය |
ඔහුගේ බිරිය හා දරුවන් පෙනී සිටින වීඩියෝ ගායනාවන් දෙකක් පහතින්
0 Comments