Its-true-that-Omicron-is-spreading-but-were-in-a-good-place-Professor-Nilika

ඔමික්‍රෝන් පරදවමු මැයෙන් කායික රෝග වෛද්‍ය විද්‍යායතනය මගින් පසුගියදා සංවිධානය කොට තිබූ හමුවකදී විශේෂඥ වෛද්‍ය ප‍්‍රතිශක්තිවේදය පිළිබඳ මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.

zඇත්ත වශයෙන්ම අපි ජුනි, ජුලි, අගෝස්තු, සැප්තැම්බර් වැනි මාසවල පැවති තත්වයට වඩා දැන් ඉන්නේ ඉතා හොද තැනක. මොකද අපි දන්නවා ඉස්සර රෝහල්වල දෛනිකව ධාරිතාව ඉක්මවා රෝගීන් වාර්තා වුණා. දිනකට සෑහෙන පිරිසක් කෝවිඩ් නිසා මිය ගියා. නමුත් දැන් රෝහල එවැනි තත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ.

හැබැයි වර්තමානයේ ඔමිකෝන් සමාජගත වීමක් දැක ගන්නට පුළුවන්. මේ හරහා කුමන තත්වයක් ඇතිවේවිද යන්න දැන ගැනීම අතිශය වැදගත්.

මෙම කෝවිඩ් රෝගී තත්වය මුලින්ම හට ගත්තේ 2020 වර්ෂයේ මුල ඒ හරහා ලෝකයේ විවිධ රටවල පළමු, දෙවන, තුන්වන ලෙස විවිධ රැලි නිර්මාණය වුණා. නමුත් මේ සියලු රැලි අභිභවා ලෝකයේ විවිධ රටවලින් දැන් විශාල ලෙස රෝගීන් වාර්තා වීමක් පෙන්නුම් කරනවා. අපි ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් ගත්තොත්, ඒ රටවල් තුළින් දවසකට රෝගීන් ලක්ෂ 8ක්, 9ක් වැනි ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඔමීකෝන් ගත්තොත් ස්ථාවලට වඩා අඩු බලපෑමක් තමා සිදුකරන්නේ ඒ කියන්නේ නිවීමෝනියා තත්වය හා දරුණු රෝගී තත්වයන් අඩුයි. හැබැයි ඔමිකෝන් ඉතා ශීඝ්‍රයෙන් පැතිරි  යන නිසා දැන් රෝගීන් වාර්තා වීම විශාල ලෙස සිදුවෙනවා. අපි ගත්තොත් ඇමෙරිකාවේ ඇල්ෆා, ඩෙල්ටා වැනි ප්‍රභේද නිසා දිනකට කිසිදු අවස්ථාවක රෝගීන් ලක්ෂයක්,එක් ලක්ෂ විසිපන්දාහකට වඩා දක්නට ලැබුණේ නැහැ.

ඒ අවස්ථාවේදී රෝගීන් 2000ක 2500ක වැනි ප්‍රමාණයක් මිය යන තත්වයක් දක්නට ලැබුණා. දැන් මේ අවස්ථාවේ ඇමෙරිකාවේ දවසකට අටලයක්, නව ලක්ෂයක් ආසාදිතයන් වාර්තා වෙනවා. හැබැයි ඔමිකෝන්වල බලපෑම අඩු නිසා ඊට වඩා අඩු ප්‍රතිශතයක් මිය යන්නේ. නමුත් තවමත් ඇමෙරිකාවේ 2000ක් 2500ක් දිනකට මිය යනවා. ඒ නිසා අපි මේක මතක තබා ගැනීම වැදගත්. ඔමීකෝන් ඉතා ශීඝ්‍රයෙන් පැතිරී යන ප්‍රභේදයක්. මේ අවස්ථාවේ ලංකාවේ තත්වය හොඳ මට්ටමක පැවතියාට අපි ඉන් අවදානම් තත්වයක. අපි දන්නවා ඉන්දියාවෙන් නවදිල්ලි වැනි නගරවල ආසාදිතයන් යම් ප්‍රමාණයකින් වැඩි වීමක් දැන් සිද්ධ වෙනවා. අපි ඒ තත්වයට එන්නේ නැතුව මෙයින් ගැලවෙන්නේ කොහොමද කියලා කල්පනා කිරීම මේ අවස්ථාවේදී වැදගත්.




අපි ඇත්තටම ඇල්ෆද, ඩෙල්ටද, ඔමික්‍රොන්ද කියලා හඳුනාගත්ත ජාන විශ්ලේෂණයට ලක්කරන්නෙ ඉතාම සුළු සංඛයාවක්. ඇත්තටම කියනවා නම් අපි සතියකට අපේ විද්‍යාගාරයේ සාම්පල 94ක් විතරයි ජාන විශ්ලේෂණයට ලක් කරන්නේ. ඒක ඉතාම සුළු ප්‍රමාණයක්. මොකද ජාන විශ්ලේෂණය කියන්නේ ඉතාම මුදල් වැය වෙන දෙයක්. පීසීආර් සිදුකරන අන්දමට ජාන විශ්ලේෂණය කිරීමේ හැකියාවක් ලෝකයේ කිසිදු රටකට නෑ. ජාන විශ්ලේෂණය අතින් දකුණු ආසියාතික රටවල් අතරින් අපි ඉදිරියෙන් ඉන්නවා. හැබැයි අපි 94ක් වගේ සුළු ප්‍රමාණයක් තමයි තවමත් ජාන විශ්ලේෂණයට ලක් කරන්නේ. ඒ තුළින් අපි හොයාගත්තා ඔමිකෝන් ප්‍රමාණය අනුව, මෙච්චරයි ලංකාවේ ඉන්නේ කියන එක වටහා ගැනීම ඉතාම නරක අදහසක්.


බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක් තමා මේ විදිහට අපි කොතරම් මාත්‍රා ප්‍රමාණයක් තවත් ගත යුතුද යත්ත. අපි පොඩි කාල් මේ විදිහට මාත්‍රාවන් විශාල ලෙස ලබාගැනීමක් සිද්ධ කළේ  නෑනේ කියලා ඇතැමුන් පවසනවා. අපි පොඩි කාලේ ලබාගත් එක්කත් ගැන කතා කළොත් පිටගැස්ම, සරම්ප වැනි රෝග සද‍හා අපි එන්නත් ලබාගෙන තිබෙනවා. ඒ සඳහා අපි මාත්‍රා 6ක් 7ක් වගේ සාමාන්‍යයෙන් ලබා ගත්නවා. මොකද ඒවා එක මාත්‍රාවකින් නිසි ලෙස ක්‍රියා නොකරන නිසා.

කෝවිඩි එන්නත් ගැන කතා කළොත්, මේ එන්නත් නිෂ්පාදනය කළේ එක් එක් කෝවිඩි ප්‍රභේද පැමිනෙන්ටත් පෙර.

ඒ නිසා ඒ ප්‍රභේදවලට කෙතරම් බලපෑමක් කරයිද යන්න තීරණය කරලා තමයි මේ එන්නත් නිෂ්පාදනය කිරීම සිද්ධ වුණේ. නමුත් ඒ අවස්ථාවේ මේ එක්සත් ආරක්ෂාකාරි සහ ඉතාමත් හොදට ප්‍රතිදේහ ඇතිකරන බවට තහවුරු කරගත්, ඒක කොච්චර දුරකට තියෙනවද යත්න කාලයත් එක්ක තහවුරු කිරීමක් කරල තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා පසු කාලයකදී විවිධ ප්‍රභේද මතුවීමත් සමග ඇතිවූ ගැටලුවක් තමයි මාත්‍රා 2කින් මේ ප්‍රභේදවලට පූර්ණ ආරක්ෂාවක් නොලැබෙන බව. ඒ සදහා මාත්‍රා 3ක් ලබාගත යුතු බව. මොකද අපි රටක් ලෙස ඉදිරියට යත්න නම් ඔමික්‍රෝන්, ඩෙල්ටා වැනි වෛරස් ප්‍රභේඳයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාගත යුතුයි.

මෙය ඇමෙරිකාවේ වගේ ශීඝ්‍රයෙන් පැතිරී යාමට ඉඩ ඇති නිසා දවසකට 1000ක් වගේ මිය යාමේ අවදානමක් තිබෙනවා. කවුරුහරී අහන්න පුළුවන් ඇමෙරිකාවේ බූස්ටර් මාත්‍රාව ගහලත් ඇයි දවසකට 1000ක් වගේ මැරෙන්නේ කියලා. ඒකට හේතුවක් තමා ප්‍රාථමික එන්නත්කරණය හා අනිත් එන්නත්කරණය අතින් අපිට වඩා ඒ රට ඉන්නේ පසුපසින්.