Pfizer සමාගමේ සභාපති ඇල්බර්ට් බොයුර්ලා විසින් COVID-19 මර්දන එත්තතක් නිපදවීම සඳහා සිදුකරන ලද මැදිහත්වීම වෙනුවෙන් 2022 වසරේ Genesis Prize මගින් ඔහුට එක්සත් ජනපද ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබාදී ඇතැයි පවසයි.මෙහිදී එම එන්නතක් නිපදවීම සඳහා ඔහු දැක්වූ නායකත්වය,
මෙම ත්‍යගය ලබාදීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති Genesis පදනම, “මෙලෙස COVID-19 වෛරසයට එරෙහිව නව එන්නතක් නිපදවීමේ කටයුදී ඇමරිකා එක්සත් ජනපද රජය මගින් ඔහුට ලබාදීමටත් නියමිතව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියන ගණනක් වන සහනය ප්‍රතික්ෂේප කළා. ඔහු එසේ කළේ එක්සත් ජනපද රයේ පවතින නිලධාරිවාදය පිටුදකිමින් මෙම එන්නෙතේ නිෂ්පාදනය වේගවත් කිරීමටයි.” යනුවෙන් සඳහන් කර තිබේ.
"මෙතැනදී බොයුර්ලා විසින් ඉතාමත් වැදගත් යුදෙව් වටිනාකම් දෙකක් ආරක්ෂා කරගැනීමට සමත්ව තිබෙනවා. ඒ අනුව ඔහු ජීවිතයේ පවිත්‍රතාව වෙනුවෙන් සහ ලෝකය අලුත්වැඩියා කිරීම වෙනුවෙන් මෙලෙස දායකත්වය ලබාදුන්නා. මේ වසංගතය දැන් තරමක් දුරට තුරන් වෙමින් තිබෙද්දී, මිලියන ගණනක් වන ජනතාවට ජීවත්වීමට වගේම සොඛ්‍ය සම්පන්න වීමට හේතු වුණේ ආචාර්ය බොයුර්ලා සහ ඔහුගේ Pfizer සමාගමේ කණ්ඩායම ලබාදුන් දායකත්වය නිසයි.” යනුවෙන් Genesis පදනමේ සභාපති ස්ටාත් පොලාවෙට්ස් සඳහන් කර තිබේ.-
0 Comments